Home » APIIT උපාධි ප්‍රදානෝත්සවය ඉහළින්ම

APIIT උපාධි ප්‍රදානෝත්සවය ඉහළින්ම

by gayan
December 23, 2023 12:30 am 0 comment

ඇපිට් ශ්‍රී ලංකා ආයතනය ඉකුත් 08 වැනි දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ප්‍රධාන ශාලාවේදී සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පවත්වන ලදී.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ්ෂයර්, විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (අධ්‍යාපන අංශය) මහාචාර්ය ඇනබෙල් කීර්නන් සහ නෙස්ලේ ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ බර්න්හාඩ් ස්ටෙෆාන් සහභාගී විය.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් 579 දෙනෙකු එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර, පරිගණක තොරතුරු තාක්ෂණය සහ නීතිය පිළිබඳ උපාධි මෙන්ම පශ්චාත් උපාධි ලබා ගත්හ. උපාධිධාරීන් විසින් ප්‍රථම පන්තියේ ගෞරව උපාධි 106ක්, දෙවන පන්තියේ (පළමු පෙළ) උපාධි 150ක් සහ විශිෂ්ටතා සහිත පශ්චාත් උපාධි 92ක් ලබා ගැනීමේ සාර්ථකත්වය ද මෙම උත්සවයේදී සමරන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division