Home » මහජන බැංකුව ඩිජිටල් ආර්ථිකයෙන් යොවුන් පරපුර සවිබල ගන්වයි

මහජන බැංකුව ඩිජිටල් ආර්ථිකයෙන් යොවුන් පරපුර සවිබල ගන්වයි

by gayan
December 23, 2023 12:30 am 0 comment

ශ්‍රී ලාංකිය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, මෙරට ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් යොවුන් පරපුර ඩිජිටල් තාක්ෂණ දැනුමෙන් හා කුසලතාවෙන් සන්නද්ධ කිරීමේ සුවිශේෂ සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසින් ‘හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම : යොවුන් තාක්ෂණික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය, සර්වෝදය ෆියුෂන් සමඟ එක්ව ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.

මෙහි සමාරම්භක උත්සවය කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්යා ආරියරත්නගේ ෙසහ සර්වෝදය ෆියුෂන් සාමාන්‍යාධිකාරිනි මෛත්‍රි මල්වත්තේගොගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහන මඟින් පරිගණක විද්‍යා ඩිප්ලෝමාව (DICS) පිරිනමන අතර, මෙහි මූලික අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම තුළින්, ඩිජිටල් නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division