Home » අගාවුඩ් ප්‍රථම කෞතුකාගාරය පින්තැන්න ප්ලාන්ටේෂන්ස් හිදී

අගාවුඩ් ප්‍රථම කෞතුකාගාරය පින්තැන්න ප්ලාන්ටේෂන්ස් හිදී

by gayan
December 23, 2023 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය පින්තැන්න වතුයායේ නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කිරීම, පින්තැන්න නිල මුල් දින කවරය ජනගත කිරීම සහ තම ආයෝජකයන්ට සිය දෙවැනි අගාවුඩ් ආයෝජන ප්‍රතිලාභ ලබා දීම පසුගියදා සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවට ආවේණික ඒක දේශික ශාකයකින් ලබා ගන්නා උපරිම ඵල නෙළා ගන්නා පින්තැන්න ආයතනය, අනාගත මතු පරපුර වෙනුවෙන් ආදර්ශවත් ගමන් මඟක් තුළින් සුපැහැදිලි සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන් ඇරඹි ගමන් මඟෙහි තවත් එක් සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරමින් නවීන තාක්ෂණයෙන් සමන්විත උසස් ගුණාත්මක බවින් හෙබි ඓතිහාසික වල්ලපට්ටා සංචිතයකින් යුත් ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය ස්ථාපන කොට අනාගත මතු පරපුර වෙනුවෙන් අභිමානයෙන් ඉදිරිපත් කෙරිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division