Home » වරාය නගරයේ මෙහෙයුම් සඳහා කොමර්ෂල් බැංකුවට බලපත්‍රයක්

වරාය නගරයේ මෙහෙයුම් සඳහා කොමර්ෂල් බැංකුවට බලපත්‍රයක්

by gayan
December 23, 2023 12:30 am 0 comment

මෙරට ප්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගරය තුළ එතෙර බැංකු සේවා කටයුතු සිදු කිරීමට කොමර්ෂල් බැංකුව වෙත පසුගිය දා බලයලත් ආයතනයක් ලෙස කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් බලපත්‍රය ප්‍රදානය කරනු ලැබීය.

දැනට දිවයින පුරා බැංකු ශාඛා 271කින් සහ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර 964කින් සමන්විත කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20ක් ද, මියන්මාරයේ නේ පයි ටව් හි ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් ද සමන්විතය. කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇත. එහි විදේශීය මෙහෙයුම් බැංකුවේ ලාභයෙන් සැලකිය යුතු කොටසකට දායක වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division