Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය සේවකයන් අගයයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය සේවකයන් අගයයි

by gayan
December 23, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය සේවක ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘වසරේ විශිෂ්ට සේවක සම්මාන උළෙල -2022 ඉකුත් 05 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්විණි.
යම් යම් නිර්ණායකයන්ට ඇතුළුව සම්මානය සඳහා අයදුම්පත් කළ සියලු‍ම සේවකයින්ගෙන් විශිෂ්ට සේවකයා – පළමු ස්ථානය, දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය ලෙස ජයග්‍රාහකයන් තිදෙනකු තෝරා ගැනුණු අතර සේවක මණ්ඩලයේ විවිධ කුසලතා සහ දායකත්වය ප්‍රදර්ශනය කරමින් එක් එක් ඇගයීම් නිර්ණායක කාණ්ඩ පහක් යටතේ ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලදී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙනුවෙන් කරන ලද විශිෂ්ට කැපවීම උදෙසා සේවකයන් දෙදෙනකුට ඇගයීම් සම්මාන දෙකක් ද පිරිනැමිණි.
ජයග්‍රාහකයන්ට උපහාර පිදීම උදෙසා ආයතනයේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන නිලධාරීන්, ආයතනික කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගී වූ අතර, සේවකයන්ගේ පවුලේ සාමාජිකයන්ද සහභාගී විය.

You may also like

Leave a Comment