Home » මාධ්‍ය ප්‍රවර්ධනයට පණ දුන් පස්වන ලෝක මාධ්‍ය සමුළුව

මාධ්‍ය ප්‍රවර්ධනයට පණ දුන් පස්වන ලෝක මාධ්‍ය සමුළුව

by gayan
December 16, 2023 12:30 am 0 comment
ලෝක මාධ්‍ය සමු­ළුව ඇමතූ ලේක්හ­වුස් සභා­පති මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම්

පස්වන ලෝක මාධ්‍ය සමුළුව (WMS) පසුගිය දෙසැම්බර් 3 සිට 8 දක්වා චීනයේ Guangzhou හිදී පැවැත්වූයේ 450ක රට රටවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි. “ගෝලීය විශ්වාසය ඉහළ නැංවීම, මාධ්‍ය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම” යන්න ප්‍රධාන තේමාව යටතේ පැවැත් වූ මෙම ලෝක මාධ්‍ය සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව නියෝජනය කරමින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වත්මන් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ට වීම සුවිශේෂි කරුණකි.

පස්වන ලෝක මාධ්‍ය සමුළුව සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන 197ක් සහභාගී වීම සුවිශේෂි කරුණකි. ඊට අමතරව රාජ්‍ය ආයතන, චීනයේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළුව රටවල් සහ කලාප 101 කින් 450කට අධික සහභාගිවන්නන් චීනයේ Guangzhou නගරයට එක්වූයේ මාධ්‍ය කලාව වෙනුවෙන් හඬක් නඟන්නටය. දින ගණනක් පුරාවට පැවැති මේ ලෝක සමුළුවට ජාත්‍යන්තරය දැක්වූ සහභාගිත්වය හරහා චීනයේ ප්‍රවේශය, එහි ජනතා කේන්ද්‍රීය දර්ශනය සහ නව්‍යකරණය වඩාත් හොඳින් අවධාරණය වූ අතර වඩාත් සුබවාදී අත්දැකීම් පෞද්ගලිකව අත්විඳීමට මෙම සමුළුව හරහා අවස්ථාවක් ලැබුණු බව සහභාගී වූවන්ගේ අදහස විය.

 

මෙම ජාත්‍යන­්තර සමුළුව අමතමින් මාධ්‍ය කලාවේ නව පිබිදීම පිළිබඳ හරවත් දේශනයක් සිදු කිරීමට ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ට හැකිවිය.

අතීතයේ සිටම සේද මාවත අපගේ දෙරට ශිෂ්ටාචාරයන් අතර අදහස්, කලාව සහ දර්ශනය ගලා යාමේ නාලිකාවක් ලෙස සේවය කළ බවත්, සමුද්‍ර සේද මාර්ගය මෙම සම්බන්ධතා තවදුරටත් ගැඹුරු හා ශක­්තිමත් කරමින් සංස්කෘතීන්ගේ පොහොසත් අන්තර් සම්බන්ධයක් ඇති කළ ආකාරය මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ගේ දේශනයේ හරවත් කරුණු අතර විය. ශ්‍රී ලංකාවෙන් සොයාගත් චීන කෞතුක වස්තු සහ චීනයෙන් හමු වූ ශ්‍රී ලාංකීය කෞතුක වස්තු මෙම ඓතිහාසික හුවමාරුවේ සාක්ෂි වන අතර එය එකිනෙකාගේ උරුමයන් සඳහා ගැඹුරු අගය කිරීමක් පිළිබිඹු කරන බවත්, 21 වැනි සියවසේ ජාත්‍යන්තර සංස්කෘතික සන්නිවේදනය සහ සහයෝගීතාව යන තේමා වෙන කවරදාටත් වඩා අනුනාද වන බවත්, මාධ්‍යවල ලෝක ව්‍යාප්ත සහයෝගීතාව තුළින් අපේ ජාතීන් දෙක සක්‍රියව වර්ධනයක් අපේක්ෂා කරමින් සිටින ආකාරය ජාත්‍යන්තරය හමුවේ නින්නාද වීම සභාපතිවරයාගේ දේශනයේ අන්තර්ගත කරුණු අතර විය.

“මෑත දශක කිහිපය තුළ මානව සමාජයේ ගෝලීයකරණ ප්‍රවණතාව වේගවත් කරන ප්‍රධාන බලවේගය වූයේ නව මාධ්‍යවල වේගවත් සංවර්ධනයයි. නව මාධ්‍ය මඟින් මිනිසුන්ට එකිනෙකා හා සමස්ත සමාජය සමඟ සම්බන්ධ වීමට පහසු වී තියෙනවා. ඩිජිටල් සන්නිවේදනය සමඟින් අවකාශය පිළිබඳ හැඟීම, දේශීය, ජාතික සහ ගෝලීය අවකාශය තවදුරටත් ප්‍රයෝජනවත් නොවන බව මිනිසුන්ට හැඟී ගොස් තියෙනවා. අතීතයේදී දේවස්ථාන, රාජ්‍යය සහ රජයේ පාලනයට නතුව තිබූ පණිවිඩ නිර්මාණ හා ව්‍යාප්තිය නව මාධ්‍ය පෙරළියත් සමඟ සීමා මායිම් බිඳ දමා තිබෙනවා. වර්තමානයේදි පණිවිඩ නිර්මාණය හා ව්‍යාප්තිය සෑම පුද්ගලයෙකුගේම පාලනයට නතුයි..” ඒ පස්වැනි ලෝක මාධ්‍ය සමුළුව ඇමතු මහාචාර්ය කාරියවසම්ය.

පස්වන ලෝක මාධ්‍ය සමුළුව (WMS) සමාරම්භක අවස්ථාවට චීන මධ්‍යම රජයේ සහ ගුවැන්ඩොං පළාත් රජයේ ගෞරවනීය නිලධාරීන්ගේ පැමිණීම දැකගත හැකි විය. මීට අමතරව, Xinhua ප්‍රවෘත්ති ඒජන්සියේ සභාපති Fu Hua, ගෝලීය සන්නිවේදන සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් Melissa Fleming සමුළුව ඇමතීම සුවිශේෂි කරුණක් විය.

මේ සමුළුවේදී දැක්වූ අදහස් අතර දිළිඳුකම පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව, සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය, කාර්මීකරණය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. තොරතුරු යුගයේ වේගවත් තාක්‍ෂණික දියුණුව, මාධ්‍ය ආචාර ධර්ම සහ වෘත්තීය ප්‍රමිතීන්ට අනුගත විය යුතු ආකාරයෙ මෙන්ම නැඟී එන තාක්‍ෂණ විචක්ෂණශීලීව භාවිත කළ යුතු ආකාරයද දැඩිව අවාධාරණය විය. මෙම සමුළුව හරහා ලෝක මාධ්‍ය කලාව වෙනුවෙන් ගෞරවනීය ඉදිරි දැක්මක් ඇති වීම මාධ්‍ය කලාවේ අභිවෘද්ධියට හේතු වන්නකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division