Home » සමාජ වගකීමක් වශයෙන් සලකා ග්‍රන්ථ ප්‍රකාශනයට පාත්ෆයින්ඩර් පදනමෙන් අලුත් ව්‍යාපෘතියක්

සමාජ වගකීමක් වශයෙන් සලකා ග්‍රන්ථ ප්‍රකාශනයට පාත්ෆයින්ඩර් පදනමෙන් අලුත් ව්‍යාපෘතියක්

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

මුද්‍රණ කර්මාන්තය සංකීර්ණ ප්‍රශ්නවලට මුහුණ දී ඇති කාලවකවානුවක, මතවාදී වශයෙන් සංවාදාත්මක විද්වත් කෘති එළිදක්වමින් සාමාන්‍ය ජනතාව ගේ දැනුම හා අවබෝධය ඇති කරන පියවර සඳහා පාත්ෆයින්ඩර් පදනම විශේෂ ව්‍යාපෘතියක් අරඹයි.

සම්මානිත පරිවර්තක, නිලුක කදුුගමුව විසින් ජයරාම් රමේශ් ගේ ”The Light of Asia ” කෘතිය ආසියාවේ ආලෝකය මැයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කළ අතර ලක්ෂ්මන් පියසේන ස්වීය රචනයක් වශයෙන් කරන ලද ඩී. බී. ජයතිලක ආපදානය ”බාරොන් මඟ ඇරුණු මඟ” වශයෙන් එළිදැක්විණි. මෙම ප්‍රකාශන සිංහල පාඨකයන් අතට පත් කිරීම සඳහා පියවර ගත් අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් ලියන ලද ” The India Way : Strategies for an Uncertain World’’ ’’ කෘතිය සිංහලට පරිවර්තනය කිරීම සඳහා පාත්ෆයින්ඩර් පදනමට නිල අයිතිය හිමි වී තිබේ.

සමුදුර කැළඹුම – සී රාජාමොහාන් (පරිවර්තනය සුනේත්‍රා සිරිවර්ධන 2018) සැගවුන ධනය (පරිවර්තනය, ලක්ෂ්මන් සපරමාදු – සුනේත්‍රා සිරිවර්ධන 2007) ජොනතන් ගලිබල් – නිර්බාධ සමාජයක් කරා (පරිවර්තනය, ලක්ෂ්මන් සපරමාදු 2006) The Mahoshada Perspectives: Commentaries on Economic and Development (2005) සහ ශ්‍රී ලංකා ආර්ථිකය නිර්බාධිකරණය හා සංවර්ධනය (2004) වැනි කෘති පළකිරීමෙන් පාඨක අවධානය දිනාගත් පාත්ෆයින්ඩර් පදනම ලාභ අපේක්ෂාවෙන් තොර ව්‍යාපෘතියක් වශයෙන් මෙම කෘති ඛෙදාහැරීමෙන් නූතන ලෝක දේශපාලන, ආර්ථීක සහ සමාජ වටපිටාව ගැන අලුත් මානයකින් අවබෝධය ඇති කරන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටී. පුස්තකාල ඇතුළු පොදු කියැවීම සඳහා මෙම ප්‍රකාශනවල පිටපත් නොමිලේ ලබාගත හැකි අතර අවශ්‍ය ආයතන වෙතොත් පාත්ෆයින්ඩර් පදනම, 339-6, මීගමුව පාර, පෑලියගොඩ ලිපිනයෙන් විමසිය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division