Home » බිත්තර මිල අඩු නොකළොත් යළි ඉන්දියාවෙන් බිත්තර

බිත්තර මිල අඩු නොකළොත් යළි ඉන්දියාවෙන් බිත්තර

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

බිත්තර වෙළෙඳුන්ගේ සංගමය සහ බේකරි හිමියන්ගේ ක්‍රියා කලාපය නිසා, නත්තල් සමයේ පාරිභෝගිකයා දැඩි අසීරුතාවට පත් කරමින් වෙළෙඳ පොළේ බිත්තර මිල අසීමිත ලෙස ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සිළුමිණට ප්‍රකාශ කළේය. නොවැම්බර් මාසය පුරා රුපියල් 35-45ත් අතර පැවති බිත්තර මිල එක් වරම ඉහළ යන්නට හේතු වූයේ, නත්තල් සමය ඉලක්ක කර ගනිමින් බේකරි හිමියන් විසින් බිත්තර ලක්ෂ ගණනින් රැස් කර ගැනීම නිසා මෙන්ම, බිත්තර වෙ‍ෙළඳුන්ගේ සංගමය විසින් බිත්තර මිල තීරණය කරන්නට යෙදීම නිසා බව තවදුරටත් ඔහු පැවසීය.

මේ අතර, ඉහළ යන බිත්තර මිල දින දෙකක් තුළ අඩු නොකළහොත්, ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු කීවේය. මෙම අසාධාරණ තත්ත්වය දැඩිව හෙළා දකින අතර, මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බවද ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.

ඉනෝකා පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division