Home » සතියේ කලදවස

සතියේ කලදවස

by thanushika
December 16, 2023 12:30 am 0 comment

මේෂ – ආර්ථිකය ශක්තිමත් වේ

ආරම්භය සතුටුදායකය. ආර්ථිකය ශක්තිමත්ය. සාමාජයීය කටයුතුවල නිරත වෙයි. අසල්වැසියන් සමඟ සුහද බැඳීම් ඇතිවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සහ රැකියා, ව්‍යාපාර දියුණුව ද ඇත. සමහර විට කනගාටුදායක පුවත් නැතහොත් සිත් රිදීමක් අත්විඳින්නට සිදුවිය හැකිය. අපල අවම වීමට අලුයම බුදුන්ට පැන් වීදුරුවක් තබා බුදු ගුණ සිහි කරන්න.

සුබ අංක – 2, 5, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස – අඟහරුවාදා

වෘෂභ – උත්සාහවන්තව කටයුතු කරයි

සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකීරක්ෂා කටයුතු, වෙළෙඳ ව්‍යාපාර ආදිය සඳහා ඇවිදිලි වැඩි වේ. එහෙත් ලාභ ප්‍රයෝජනා ගෙන දෙයි. ගෘහ ජීවිතයේ සතුට සැනසීම පැවතුණද ආවේගශීලී අවස්ථා හටගනී. ඉවසීම පවත්වාගන්න. පාදවල වේදනා මතු කරයි. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න. උදෙන්ම බුදු පහන දල්වන්න.

සුබ අංකය – 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – පුණ්‍ය සිතුවිලි ගොඩනැඟෙයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය තුළ ඔබ ඔබගේ සියලු කාර්යයන් අනලස්ව ඉටු කර ගැනීමට උත්සුක වෙයි. අලස නිදිමත ගති මඟ හැරී යයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. සතිය අවසානයේ පාඩුවක් හෝ කලකිරීමක් ගෙන දෙයි. අපල අවම වීමට කුඩා දරුවනට රසවත් ආහාරයක් දෙන්න. ආදරය දෙන්න.

සුබ අංකය – 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක – ගෘහ ජීවිතයේ සතුට

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භය එතරම් සතුටුදායක නොවිය හැකිය. කනගාටුදායක පුවත් කන වැකේ. ඉන්පසු ගෘහ ජීවිතයේ සතුට සැනසීම, රැකියා ව්‍යාපාරවලින් ආදායම් ඇති සුබපල උදාකර දෙයි. දරුවන්ගේ යහපත් ක්‍රියාවන් නිසා සතුටු විය හැක. ඒරාෂ්ටක අපල නිසා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. උදෙන්ම සුදු මල් වට්ටියක් බුදුන්ට පූජා කර දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක – 2, 7, සුබ වර්ණය – සුදු, සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – ගමන් බිමන් වැඩි වේ

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර දියුණුව සහ සමාජ ඇසුර තුළ සුහදත්වය ගොඩනැඟෙයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇති කරයි. දුර ගමන්බිමන් සහිතයි. කනගාටුදායක පුවත් සැලවිය හැකි අතර අසනීප ගති ගෙන දෙයි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු හොඳින් සිදුවේ. අපල අවම වීමට පිළිකා රෝගීනට ආධාර උපකාර කරන්න.

සුබ අංකය – 5, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – රැකියා, ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. බාධක ගැන නොතැවී තම කටයුතු පිළිබඳව උනන්දු වේ. රැකියා, ව්‍යාපාර, ලාභ ඇති කරයි. ගෘහ ජීවිතය තුළ ගැටලු මඟහැරී සාමකාමී වේ. එහෙත් කනගාටුදායක පුවත් සැලවිය හැකි අතර අපල අනතුරු ද පෙන්වයි. සතිය අවසානයේ පුණ්‍ය කටයුතුවලට සහභාගිත්වය ගෙනදෙයි. අපල අවම වීමට පක්ෂීන්ට ආහාර ජලය දෙන්න.

සුබ අංක – 6, 7, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

තුලා – අභියෝග ජය ගනී

සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුදුසු වාතාවරණයකි. අභියෝගවලට නොබියව මුහුණ දේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ඇත. යුග දිවියේ සුළු මත ගැටුම් ඇතිවිය හැකි බැවින් එක් අයෙක් නිහඬව සිටීම වැදගත් වේ. අපල අවම වීමට කුසගින්නේ සිටින කෙනකුට ආහාර වේලක් හෝ දෙන්න.

සුබ අංක – 6, 7, සුබ වර්ණ – ක්‍රීම්, ළා නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික – පවුලේ සමගිය වර්ධනය වේ

සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු ඉතා උනන්දුවෙන් කරගන්නා අතර දූදරු මවුපිය සබඳතා වැඩි දියුණු වේ. සතුරු බලවේග ඉවත් වී සහනය ගෙන දෙයි. රැකියා, ව්‍යාපාරික අංශවලින් ලාභ ප්‍රයෝජන අත් වේ. විවාහ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගනී. අපල අනතුරු ඇති හෙයින් ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න.

සුබ අංක – 4, 7, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රස්පතින්දා

ධනු – සහජ දක්ෂතා වර්ධනය වේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහෝදර දූදරු මාපිය එකමුතුව හා පුණ්‍ය කටයුතුවල නිරත වීමක් දක්නට ලැබෙයි. සහජ දක්ෂතා කලඑළි වන පදිංචි ස්ථානයේ අලංකාරය ගෙන දෙන සතියකි. ඒවාට දැඩි කැපකිරීමක් කරයි. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ද යහපත් වේ. අපල අවම වීමට බෝ මළුව ඇමදීම, ගිලන්පස තැබීම ආදියෙන් හැකි වේ.

සුබ අංක – 6, 8, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

මකර – අතමිට සරු වේ

සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. අතමිට මිල මුදල් ගැවසෙන මේ සතියේ ඔබට ගෙදරදොර කටයුතු නිසියාකාරයෙන් කරගත හැකි අතර ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබපල ගෙන දෙයි. පුණ්‍ය කටයුතුවලට සිත ඇදෙන වාසනාවත්ත සතියකි. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – අන්‍යයන්ගේ සිත් දිනා ගනී

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. ඔබගේ ගුණධර්ම වඩා වර්ධනය වන පිහිටක් ඉල්ලන අයට හැකි අයුරින් උපකාර කරන සතියක් බැවින් ඒරාෂ්ටක අපල වුවද තදින් බල නොපවත්වයි. වචනයේ ප්‍රියමනාප බව නිසා අන්‍යයන්ගේ සිත් පැහැදෙයි. ගෙදර දොර කටයුතු සැහැල්ලුවෙන් ඉටුකර ගෙන දිවි ගෙවයි. යුගදිවිය සාමකාමීය.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – සහෝදර බැඳීම් වැඩි වේ

සඳු ගමන් කරන්නේ 12 ලග්නය දෙවැන්න තෙවැන්න හරහාය. ආරම්භය තරමක් ගැටලු සහගත විය හැකිය. ඉන් පසුව දින කීපයක් සාමාජයීය හා පොදු අසල්වැසි අය සමඟ සුහදතාවයෙන් කල් ගෙවමින් ගෘහ ජීවිතයේ තම කටයුතු ද අතපසු නොකර ගනී. සහෝදර බැඳීම් වැඩිවේ. පුණ්‍ය කටයුතුවලට සහභාගී වේ. අසනීප ගත පෙන්වයි. අපල අවම වීමට වෙල් මාළුන්ට ආහාර දෙන්න.

සුබ අංක – 3, 9, සුබ වර්ණය – කහ, සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division