Home » ගණ දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙන බලගතුම ස්තෝත්‍රය

ගණ දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙන බලගතුම ස්තෝත්‍රය

by thanushika
December 16, 2023 12:32 am 0 comment
ජ්‍යොතිර්විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

ගණ දෙවියන්ගෙන් පිහිට ආධාරය ලබා ගත හැකි තව අපූරු ක්‍රමවේදයක් පිළිබඳව ඉසිවර පාඨක ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මම පසුගිය ලිපියෙහි සඳහන් කළ පරිදි ගණ දෙවියන් යනු තේජෝ බල වික්‍රමය සහිත පොළෝවාසී දෙවි කෙනෙකි. සාමාන්‍යයෙන් සෙසු දෙවිවරුන්ට මෙන්ම ගණ දෙවියන් වෙනුවෙන්ද විවිධාකාර පූජා රාශියක් පැවැත්විය හැකිය. ඕනෑම දෙවි කෙනකුට මෙන්ම ගණ දෙවියන්ටද ‘පොල් බිඳීම’ සිදු කරන සාමාන්‍ය සම්ප්‍රදායකි. මෙවර ඔබට කියා දෙන අපූරු ක්‍රමවේදය තුළින් ඒකාන්ත නියත ප්‍රතිඵල ලබා ගත හැකි බව මාගේ අත්දැකීම් මත ප්‍රකාශ කරන්නේ ඉතා වගකීමෙනි.

මේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් ඔබගේ අපේක්ෂාව අරමුණ කුමක් වුවද ඊට සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකිය. ඔබ කළ යුත්තේ පළමුකොටම උන්වහන්සේගේ පිළිරුවකට වන්දනාමාන කිරීමට හුරුපුරුදු වීමයි. පෙර පළවූ ලිපිවලින් සහ මතු පලවන ලිපිවලින් සම්පූර්ණ ක්‍රමවේද සහ උන්වහන්සේගේ බැතිමතකු වශයෙන් වතාවත් කිරීමේ ක්‍රමවේද ඔබට ඒකරාශි කර ගත හැකිය. පළමු කොට ඔබට පුංචි රහසක් ප්‍රකාශ කිරීම වඩා සුදුසු යැයි සිතමි. ඔබට හැකි නම් ඔබ උන්වහන්සේගේ බැතිමතකු වශයෙන් උන්වහන්සේගේ අසිරිමත් හාස්කම් පිළිබඳව ඔබගේ යාළුමිත්‍රාදී හිතවතුන් දැනුම්වත් කිරීමට ඔබ යොමු වන්නේ නම් ඔබට ලැබිය හැකි ප්‍රතිඵලය ගැන හිතාගන්නවත් බැරි වේවි.

මන්දයත් උන්වහන්සේ එවන් යහපත් ක්‍රියාවන්හි නියැළෙන බැතිමතුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන අයකු බව මාගේ අත්දැකීමෙන් මෙන්ම හොරොගොව්පොතාන, මොරකෑව පාරම්පරික ගණදෙවි කෝවිලේ ප්‍රධානී වශයෙන් සඳහන් කළ හැකිය. බැතිමතුන් උදෙසා බාරහාර වීමෙන් බැතිමතුන්ට උන්වහන්සේගෙන් පිහිට ආධාරය ලැබුණු අත්දැකීම් වසර 30කට වඩා මා සතුය. උන්වහන්සේගේ පිහිට ආධාරය ලබා ගැනීමට මා මෙවර කියා දෙන පහසු සරල ක්‍රමවේද භාවිත කර ඔබගේ ජීවන ජයග්‍රහණය උදෙසා ඒකාන්තයෙන්ම හේතු වන බව මාගේ විශ්වාසයයි.

මුලින් සඳහන් කළ පරිදි වෙනත් පොළෝ වාසී දෙවිවරුන්ට මෙන්ම ගණ දෙවියන් වෙනුවෙන් ද පොල් බිඳීම උන්වහන්සේ වෙනුවෙන් සිදු කරන වතාවත් අතර ප්‍රධාන ක්‍රමවේදයකි. ඉතා පිරිසිදු පොල් ගෙඩියක් ගෙන පොල්ගෙඩිය පිළිවෙළකට පවිත්‍ර කර කහ දියෙන් දෝවනය කරගෙන ගණදෙවි ප්‍රතිමාව ඉදිරියේ තබා බුලත් කොළයක් මත පහනක් තබා එය එලඟිතෙල් හෝ තලතෙල්වලින් දල්වා සුවඳ දුම් දී පොල් ගෙඩිය මත කපුරු දල්වා පහත සඳහන් අයුරින් උන්වහන්සේගේ නමස්කාරය 21 වර කියවා හිස මත තුන්වර කරකවා පොල් ගෙඩිය උන්වහන්සේ ඉදිරියේ ගලක ගසා බිඳ දමන්න. හරියටම සමාන්තරව පොල් ගෙඩිය කැබලි දෙකට වෙන් වන්නේ නම් එදිනම ඔබේ කාරණාව ඉටු වේ. නොකඩවා දිනපතා අඩුම තරමේ දින 8ක්වත් මෙම ක්‍රියාවෙහි යෙදෙන්න. ඔබගේ බලාපොරොත්තුව සපල වනවාමය.

හරියොම් ත්‍රිපුර සංඛාරා විග්නේශ රූපාය

ඩං ඩං සරණං සරණං නෙයියම් නේම් වාවා

ගණපති ඕම් ක්ලිවුම් අං උං ගණපති

මහා ගණපති එන්නෙයි විලුම් මන දිලයුම්

නික්කසිවා

මෙය ඉතා ප්‍රබල එමෙන්ම සමාජයේ දුර්ලභ ස්තෝත්‍රයකි. ඕනෑම මොහොතක පූජා කර්ම සිදුකිරීමේදී ද මෙය වැදගත් වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division