Home » මිනිසුන් ආඩම්බරකාරයන් කරන පංච මහා පුරුෂ යෝගය

මිනිසුන් ආඩම්බරකාරයන් කරන පංච මහා පුරුෂ යෝගය

by thanushika
December 16, 2023 12:30 am 0 comment

ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන භාවයන්හි කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන් ස්වක්ෂේත්‍රව හෝ උච්ඡව පිහිටීමෙන් පංච මහා පුරුෂ යෝග උදා වෙයි. කුජ නිසා ‘රුචක’ මහා යෝගයද, බුධ නිසා ‘භද්‍ර’ මහා යෝගයද, ගුරු නිසා ‘ගුරු හංස’ මහා යෝගයද, සිකුරු නිසා ‘මාලවී’ මහා යෝගයද, ශනි නිසා ‘සස’ මහා යෝගයද පංච මහා පුරුෂ යෝග ලෙස උදා වෙයි.

මේෂ ඇතුළු ලග්න 12ට අදාළ 1, 4, 7, 10 භාවයන් පිළිවෙළින් මෙලෙසය.

මේෂ ලග්නය : මේෂ, කටක, තුලා, මකර

වෘෂභ ලග්නය: වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ

මිථුන ලග්නය: මිථුන, කන්‍යා, ධනු, මීන

කටක ලග්නය: කටක, තුලා, මකර, මේෂ

සිංහ ලග්නය: සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ

කන්‍යා ලග්නය: කන්‍යා, ධනු, මීන, මිථුන

තුලා ලග්නය : තුලා, මකර, මේෂ, කටක

වෘශ්චික ලග්නය: වෘශ්චික, කුම්භ, වෘෂභ, සිංහ

ධනු ලග්නය : ධනු, මීන, මිථුන, කන්‍යා

මකර ලග්නය: මකර, මේෂ,කටක, තුලා

කුම්භ ලග්නය : කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික

මීන ලග්නය : මීන, මිථුන,කන්‍යා, ධනු

රුචක පංච මහා පුරුෂ යෝගය උදා වීමෙන් පුද්ගලයන් ආඩම්බර ජීවිතයක් ගත කරයි. ආගමික භක්තිය දැඩි වෙයි. විඤ්ඤාණවාදීන් වෙයි. ධනය රැස් කිරීමට ලොල් වෙයි. රජයට සම්බන්ධ සන්නද්ධ ආරක්ෂක සේවාවන් හෝ පෞද්ගලික ආරක්ෂක සේවාවල ප්‍රධානත්වයට පත් වේ. දේශපාලනයේ නියුතු වේ නම් නායක ධුරයක් හිමි වෙයි.

භද්‍රා මහා පුරුෂ යෝගය උදාවීමෙන් ලෞකික සම්පත් විඳීමට රිසි සේ හිමි වෙයි. ධනවත් වෙයි. ඇසුරු කරන්නෝ බුද්ධිමතුන්ය. නීරෝගී දිවියක් ගෙවමින් දීර්ඝායුෂ ලැබීමට හේතු වෙයි.

ගුරු හංස යෝගය උදාවීමෙන් උද්ධච්ච ගතිගුණ වර්ධනය වෙයි. නැණවත්, ධනවත් අයෙක් වෙයි. කීර්තිය ඇතිවේ. දේශපාලනයෙහි නායකත්වය හෝ රජයේ උසස් තනතුරුවලටද හිමිකම් ඇත. දීර්ඝායුෂ හිමිවේ.

මාලවී යෝගය උදාවීමෙන් ගෞරවනීය පිළිගැනීමක් ඇති අයෙක් වෙයි. සංගීතය අලංකාරයට කැමතිය. ඉඩම් දේපළ ධනය හිමි වන අතර සමාජයේ ප්‍රියමනාප තෙපුල් ඇති කථිකයෙක් වෙයි.

සස යෝගය උදාවීමෙන් ප්‍රසිද්ධියට පත් වේ. උසස් තත්ත්වයට පත් වේ. උපක්‍රමශීලී පුද්ගලයෙක් වන අතර බුද්ධිමත්ය. මවට බෙහෙවින් ආදරය කරයි.

පංච මහා පුරුෂ යෝග මෙම වසරේ ඉදිරි කාලයේ හා 2024 වර්ෂයෙහි උදාවන ආකාරය මෙම වගුව මඟින් දැක්වේ.

ජ්‍යොතිර්වේදී ගාමිණී ජයතිලක බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division