Home » ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව 4 වැනි භාවයේ සම්බන්ධතා ක්‍රියාත්මක වන කාල සීමා

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව 4 වැනි භාවයේ සම්බන්ධතා ක්‍රියාත්මක වන කාල සීමා

by thanushika
December 16, 2023 12:30 am 0 comment

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව මේ ජන්ම පත්‍රයේ 4 වැනි භාවයේ සම්බන්ධතාවන් ක්‍රියාත්මක වන කාල සීමාවන් නිගමනය කරන ආකාරය මෙසේ අවබෝධ කර ගත හැකි වෙයි.

මෙම ජන්ම පත්‍රයේ 7 වැනි, 9 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ, ගුරු කේතු, සිකුරු, ශනි, සඳු, රවි, බුධ සහ කුජ වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2023 ජූනි මාසයේ 07 වැනි දින සිට 2025 පෙබරවාරි මාසයේ 04 වැනි දින දක්වා පවතින කාල සීමාව තුළ ඇත්තේ සිකුරු ග්‍රහයාගේ මහ දශාවේ සඳුගේ භුක්තිය වෙයි.

මෙම ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා 5 වැනි සහ 12 වැනි භාව අධිපතිව, 11 වැනි භාවයේ තැන්පත්ව සිටියි. සිකුරු ග්‍රහයා, 3, 5, 10, 11 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. මෙම සිකුරු ග්‍රහයා, රවිගේ නක්‍ෂත්‍රයක සහ ශනිගේ උපස්ථානයක තැන්පත්ව සිටියි. රවි ග්‍රහයා, 3, 10 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. ශනි ග්‍රහයා, 3, 8, 9 සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. මේ නිසා සිකුරු ග්‍රහයාගේ දශා සහ අතුරු දශා කාලවලදී, 3, 5, 10, 11 සහ 12 වැනි භාව සම්බන්ධ කරුණු ප්‍රභවය වෙමින් 3, 10 සහ 12 වැනි භාව ප්‍රතිඵල ලබයි. ශනි ග්‍රහයා, නිවේදකත්වය දරන 3, 8, 9 සහ 10 වැනි භාව අනුව එම ප්‍රතිඵලවල සුබ හෝ අසුබ බව නිගමනය කළ හැකිය.

සිවු වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 3 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේ නම්, එම ජන්මියා ඉඩකඩම්, යානවාහන වැනි දේවල් මඟින් සහ ලියකියචිලි ආදිය මඟින් පාඩු ලබයි. දේපළ හානි සිදු වෙයි. නියෝජිත තනතුරු, කොමිස් ව්‍යාපාර ආදියෙන්ද පාඩු ලබයි.

ජන්ම පත්‍රයේ සිවු වැනි භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා, 5 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේ නම්, එම ජන්මියා සංගීතය සහ කලා කටයුතුවලට යොමු වෙයි. විනෝදකාමී ජීවිතයක් ගත කරන, ව්‍යාපාර ආදියට සිත යොමු කරන අයෙකි.

සිවු වැනි භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා, 10 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේ නම්, එම ජන්මියා යහපත් වෘත්තියක යෙදෙයි. හොඳ නම සහ ගෞරව නොඅඩුවම ලැබෙයි. සේවකාදීන් සහිත මාලිගාවක් වැනි නිවසක වාසය කරයි. බොහෝ දේපළ ඇත.

මෙම භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා, 11 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් එම ජන්මියා සියලු සැප පහසුකම් සහිතව ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරයි. සමාජයේ සහ දේශපාලනයේ උසස් තත්ත්වයක් දරයි.

ජන්ම පත්‍රයේ සිවු වැනි භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා 12 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් එම ජන්මියා දේපළ අහිමිව රෝගාබාධවලින් පීඩා විඳිමින් දුක්ඛිත ජීවිතයක්ගත කරයි. අවසනාවන්තය. වංචා ආදියට හසුවී බන්ධනාගාර ගත වෙයි. මේ ආකාරයට මෙම ජන්ම පත්‍රයේ 4 වැනි භාවය මඟින් පෙන්වන කරුණු ගැන හඳුනාගත හැකි වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division