Home » කතරගම දෙවියන් ඔබ ඉදිරියේ දර්ශනය වන මහානුභාවසම්පන්න කතරගම දේව ශාන්තිය

කතරගම දෙවියන් ඔබ ඉදිරියේ දර්ශනය වන මහානුභාවසම්පන්න කතරගම දේව ශාන්තිය

by thanushika
December 16, 2023 12:34 am 0 comment

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත මෙවර මම ඉදිරිපත් කරනු ලබන මෙම උතුම් කතරගම දිව්‍යරාජ ශාන්තිය කතරගම දිව්‍යරාජයාණන් කෙරෙහි අපමණ ගෞරවය ඇති බැතිමතුන් සඳහා අපමණ ශාන්තියක් උදා කර දෙනු ඇත.

කතරගම දිව්‍යරාජයාණන් උදෙසා පූජා වට්ටියක් තැන්පත් කිරීමට වඩා ජීවිතයේ අපමණ සෞභාග්‍යය උදා කර ගැනීමට මෙම මහානුභාවසම්පන්න දිව්‍යමය ශාන්තිය ඔබට මහඟු උපකාරයක් වේ. කතරගම දිව්‍යරාජයාණන්ගේ මුහුණු සය යනුවෙන් සංකේතවත් වන්නේ තේජස, වික්‍රමය, සෞභාග්‍යය, බලය, පරාක්‍රමය, වාසනාව යන බල පරාක්‍රමයයි. කතරගම දිව්‍යරාජයාණන් උදෙසා ඔබට හැකි වතාවත් සහ පුද පූජාවන් පවත්වා සිකුරාදා සහ අඟහරුවාදා දින සන්ධ්‍යාවෙහි වේලාව 6.30 පසු වූ පසු කතරගම දෙව්රදුන් උදෙසා ඉතා පිරිසිදු ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් පතුරවා රත්මල් හෝ වෙනත් රතු මල් වර්ගයක් තබා පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනාකොට නිතිපතා තුන් වරුව බැගින් කඳසුරිදුන් කෙරෙහි බැතිබරව මෙම ශාන්තිය කියවන්න.

නිතිපතා මෙය සිදු කරගෙන යාමේදී ඉහත සඳහන් කළ උතුම් කඳ සුරිදුන් සතු උදාර ශක්තීන් සයම (6) එම බැතිමතුන් උදෙසා ලැබෙන බව පුරාණ විශ්වාසයයි. මෙම දින දෙක තුළ හැකිනම් නිර්මාංශ වී මෙම වතාවත් සිදුකරගත හැකි නම් යම් කලෙක එම බැතිමතා ඉදිරියෙහි කතරගම දිව්‍යරාජයාණන් දර්ශනය වන බව ඉපැරැණි මන්ත්‍ර පොත්වල සඳහන්ව ඇත. යහපත උදෙසා පමණක් පාවිච්චි කරන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division