Home » රාගම මෙල්ස්ටා රෝහල වෙතින් සුවපහසු කාමර පෙළක්

රාගම මෙල්ස්ටා රෝහල වෙතින් සුවපහසු කාමර පෙළක්

by gayan
December 16, 2023 12:30 am 0 comment

රාගම මෙල්ස්ටා රෝහල විසින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නවීන පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාමර පෙළක් සිය රෝහලට එක් කර ඇති අතර 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් එහි මිල අඩු වීම සුවිශේෂීත්වයකි.

රාගම මෙල්ස්ටා රෝහල මෙල්ස්ටා හෙල්ත් (Melsta Health) සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. අංග සම්පූර්ණ බහුවිධ සේවා සපයන රෝහලක් වශයෙන් විශාල ප්‍රදේශයක් පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සිය සේවය සපයන අතර සිය සේවා උසස්ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ලබා දීමට විශේෂ උත්සාහයක් දරනු ලබයි. ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය වෙතින් ISO 9001:2015 සහතිකරනු ලැබූ පළමු සෞඛ්‍ය සේවා ආයතනය බවට පත්වීම සහ ජාතික තත්ත්ව සම්මාන උලෙළේ දී නොමඳ ඇගයීමට පාත්‍ර වීම රාගම මෙල්ස්ටා රෝහල සිය ප්‍රමිතිය සම්බන්ධයෙන් දක්වන කැපවීම මනාව ප්‍රදර්ශනය කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division