Home » ජෝන් කීල්ස් Start-Up-Cycle Demo Day සාර්ථකයි

ජෝන් කීල්ස් Start-Up-Cycle Demo Day සාර්ථකයි

by gayan
December 16, 2023 12:30 am 0 comment

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නවක ව්‍යාපාර දිරිගැන්වීමේ අංශය වන John Keells X සහ එම සමූහයේ පර්යේෂණ හා සංවර්ධන අංශය වන John Keells Research සමඟ එක්ව ක්‍රියාවට නැංවූ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මඟින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව පසුගිය නොවැම්බර් 28 දින සාර්ථක ලෙස පැවැත්විණි.

ප්‍රායෝගික හා දීර්ඝකාලීන විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය අවම කරමින් මෙරට ව්‍යවසායකයන් සහ නවෝත්පාදකයන් දිරිගැන්වීම එහි මූලික අරමුණයි. සති 6 ක කාලයක් පුරා පැවති මෙම වැඩසටහනෙන් බුද්ධිමය දේපළ, මූල්‍ය කළමනාකරණය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් ආදිය සම්බන්ධයෙන් තම දැනුම පුළුල් කරගැනීමට අයදුම්කරුවන්ට අවස්ථාව උදා විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division