Home » එබී මයුරි ලංකා වෙතින් බේකරී ක්ෂේත්‍රයට NVQ පුහුණුව

එබී මයුරි ලංකා වෙතින් බේකරී ක්ෂේත්‍රයට NVQ පුහුණුව

by gayan
December 16, 2023 12:30 am 0 comment

බේකරි ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය යිස්ට් සහ අමුද්‍රව්‍ය සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් වන එබී මයුරි ලංකා පුද්ගලික සමාගම සිය සේවකයින්ගේ හැකියා උසස් තලයකට ගෙන ඒම සඳහා NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) පුහුණුව ලබා දීමට කටයුතු කර තිබේ.

සේවකයින් 25කට අධික පිරිසක් NVQ පුහුණුව සාර්ථක ලෙස නිම කළ අතර එය පුද්ගල හැකියා, නිපුණතා සහ කුසලතා වර්ධනය කරමින් අදාළ රැකියාව තුළ ඔවුන්ගේ වගකීම් දැරීමට උපකාරී වෙයි. ජාතික වශයෙන් පිළිගත් NVQ පුහුණුව, බේකරි ක්ෂේත්‍රයේ අදාළ ප්‍රායෝගික කුසලතා විධිමත් කරමින් ලෝකයේ අධ්‍යයන සහ යෙදුම් අතර පරතරය පියවාලීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව පෙන්වා දෙන එබී මයුරි ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සුරාජ්ඩීන් සෙයියඩ් පවසන්නේ මෙම පුහුණුව තම සේවකයින්ට මෙන්ම ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරවලද විශිෂ්ටත්වය නියෝජනය කරන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division