Home » කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරු ලෙස AIA ශ්‍රී ලංකා පත්වෙයි

කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරු ලෙස AIA ශ්‍රී ලංකා පත්වෙයි

by gayan
December 16, 2023 12:30 am 0 comment

කොමර්ෂල් බැංකුව මෙරට බැංකු රක්ෂණයේ පුරෝගාමී සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සමඟින් සුවිශේෂී වූ දිගු කාලීන බැංකු රක්ෂණ හවුල්කාරීත්වයකට එළැඹි ඇත. ඒ අනුව AIA ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරුවා ලෙස ඉදිරියේ දී කටයුතු කරනු ඇත. වසර 100කට වඩා වැඩි ඉතිහාසයක් සහිත කොමර්ෂල් බැංකුව සහ AIA ශ්‍රී ලංකා, අසමසම ශක්තියක්, විශාල අත්දැකීම් සමුදායක් සහ ඉහළ කීර්තියත් සහිත ආයතන දෙකක් බවත් , AIA හි ආසියාව පුරා ඇති අතිමහත් අත්දැකීම් සමුදාය සහ කොමර්ෂල් බැංකුවේ දේශීය ප්‍රජාව සමඟ ඇති අර්ථවත් සබඳතා සමඟින් ඇතිවන සුසංයෝගය, දිවයින වටා ශාඛා 272ක මිලියන 3.5 කට වැඩි ගනුදෙනුකරුවන්ගෙන් යුත් ව්‍යාපාර ජාලය වෙත ආකර්ෂණීය විසඳුම් ලබා දීම සඳහා කදිම වේදිකාවක් සපයනු ඇති බවත් AIA ශ්‍රී ලංකා පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division