Home » DIMO Agribusinesses හඳුන්වා දුන් LOVOL වෙ‍ෙළඳ පොළ දෙගුණ කරයි

DIMO Agribusinesses හඳුන්වා දුන් LOVOL වෙ‍ෙළඳ පොළ දෙගුණ කරයි

by gayan
December 16, 2023 12:30 am 0 comment

DIMO Agribusinesses, සිය LOVOL හාවස්ටර් සඳහා පිරිනමන අලෙවියෙන් පසු සේවා සත්කාරය නිසා ගොවිජනතාව අතර වඩාත් ප්‍රචලිත වීමත් සමඟ පසුගිය කන්නය තුළ LOVOL වෙළෙඳ පොළ කොටස දෙගුණ කරගැනීමට සමත් විය.

විවිධ මූල්‍ය සමාගම් සමඟ එක්වෙමින් LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා ලීසිං විසඳුම් ලබා දීම, අවුරුද්දක වගකීම් කාලය, අමතර කොටස් මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් ඇතුළු දිවයින පුරා විසිර සිටින LOVOL වෙළෙඳ නියෝජිතයන් ද මෙම ශීග්‍ර වර්ධනයට හේතු වී ඇත. ඉදිරියේදී හාවස්ටර් යන්ත්‍ර හිමියන් සහ ක්‍රියාකරුවන් සඳහා සමිති පිහිටුවා අවශ්‍ය යාන්ත්‍රික දැනුම හා නිවරැදි කෘෂිකාර්මික පිළිවෙත් සඳහා උපදෙස් ලබා දීමටද DIMO Agribusinesses සැලසුම් කර ඇත.

DIMO හී විධායක අධ්‍යක්‍ෂක රජීව් පණ්ඩිතගේ පැවසුවේ, මේ රටට ප්‍රථම කම්බයින් හාවස්ටර් යන්ත්‍රය හඳුන්වා දෙමින් ලංකාවේ කෘෂි යාන්ත්‍රිකරණ ක්‍රියාවලියේ පුරෝගාමි සමාගමක් ලෙස DIMO හැඳින්වීය හැකි බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division