Home » කෙටියෙන්ම කිවුවොත් මගෙ ජීවිතේ කියන්නෙම ෆිල්ම් තමයි

කෙටියෙන්ම කිවුවොත් මගෙ ජීවිතේ කියන්නෙම ෆිල්ම් තමයි

by thanushika
December 9, 2023 12:30 am 0 comment

මේ දවස්වල ඉන්දියාවේ අංක එකේ චැනල් කතාවෙන ලංකාවේ කොල්ලෙක් ඉන්නවා. ඔහු නමින් ශෙහාන් මලික්. ශෙහාන් මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ ක්‍රිකට් නිසා. හැබැයි ශෙහාන්ගේ වැඩි කැමැත්ත නම් කලාවට. ශෙහාන් මලික් කියන්නේ කවුද? ඒ ගැන දැන ගන්නත් එක්ක අපි ශෙහාන්ට කතා කළා.

ශෙහාන් කියන්නේ කවුද?

කෙටියෙන්ම ෆිල්ම් හෝල් එකක සින්දුවක් යද්දි තනියම නැගිටලා නටන්ඩ පුළුවන් කෙනෙක්. මම ඉපදුණේ කෑගල්ල. මම පාසල් ගියේ කෑගල්ල ශාන්ත මරියා විදුහලට. ඒ වගේම ක්‍රිකට්වලට අවතීර්ණ වෙන්නේ පාසල් යන කාලේදී. ශාන්ත මරියා විදුහලේ අවුරුදු 10ක් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ වගේම අවුරුදු පහක් පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් විදිහට කටයුතු කළා.

ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායමට යන්න ද සිහිනයක් තිබ්බේ?

මම ක්‍රිකට් සෙල්ලම් කළාට ජාතික සංචිතයට යන්න නෙවෙයි මගේ අරමුණ තිබ්බේ. කවදා හරි නළුවෙක් වෙනවා කියන තැන මම හිටියේ. මම පාසලේ දී ක්‍රිකට් සෙල්ලම් කළේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබ්බ ආසාව නිසා. ඒ වගේම ක්‍රීඩාව මට ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගැන්නුවා.

පාසලේ දී මොන වගේ චරිතයක් ද? කොහොමද කලාවට යොමු වුණේ?

පන්තියෙන්ම ගුරුවරුන්ගෙන් වැඩියෙන්ම බැණුම් ඇහුවේ මම. පොඩ්ඩක් දඩබ්බරයි. හැබැයි ක්‍රීඩාවට වගේම ඉගෙනීමටත් දක්ෂතා පෙන්නුවා. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා මම උසස් පෙළට ගණිත අංශයෙන් පෙනී සිටියේ. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක තිබ්බේ 37. මම උපාධිය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ. මගේ degree එක තමයි BIT එක. ඒ දේවල් කරන ගමන් කලා පැත්තේ වැඩ කරන්න මට ඕනේ වුණේ. ඒ නිසා මම මොඩ්ලින් කළා. ඔය අතරේ එක්තරා නාළිකාවක රංගනය සම්බන්ධව තිබ්බ රියැලිටි ෂෝ එකක මම Most Popular Actor වුණා.

ශෙහාන්ට භාෂා කීයක් පුළුවන් ද?

සිංහල, ඉංග්‍රීසි සහ හින්දි හොඳින්ම පුළුවන්. ඒ වගේම දෙමළ භාෂාවත් පුළුවන්. මම මේ භාෂාවන් පුරුදු වුණේ ෆිල්ම්වලින්. කෙටියෙන්ම කිවුවොත් මගේ ජීවිතේ කියන්නෙම ෆිල්ම් තමයි. ඒ තිබ්බ ෆිල්ම් පිස්සුව නිසාමයි මම කලාවට ආදරේ කරන්න පටන් ගත්තෙත්. ෆිල්ම්, ක්‍රිකට්, WWE, UFC,Football, මේවා තමයි මගේ ජීවිතේ

කොහොමද Vikrant Gupta ව ඔබට මුණගැහෙන්නේ?

එයා තමයි ඉන්දියාවේ ඉන්න නම්බර්වන් ස්පෝට්ස් මාධ්‍යවේදියා. මම ක්‍රිකට් විස්තර විචාර අහන්න කැමැති හින්දියෙන්. මම Vikrant Guptaගේ හොඳම ෆෑන් කෙනෙක්. ඒ නිසා ලංකාවේ දී හම්බුණාම මම එයාට කතා කළා. මම එයා එක්ක හින්දියෙන් කතා කරලා එයාගේ ප්‍රෝග්‍රෑම් ගැන කිවුවම එයා පුදුම වුණා. ඊට පස්සේ මා එක්ක හිතවත් වෙලා මගේ ගැන විස්තර අහලා මගේ ඩාන්සින් පැත්තේ වැඩ සහ කලා වැඩ ගැන කතා කළා. ඒ වගේම මම ක්‍රිකට් ගැන යූ ටියුබ් චැනල් එකක් කරගෙන යනවා. එයා ඒක ගැන ඉන්දියාවේ ගිහින් කියලා තිබුණා. ඒක තමයි ලංකාවේ වයිරල් වුණේ. ඒකත් එක්ක ඉන්දියානු පිරිසක් මා එක්ක එකතු වුණා.

ලංකන් ක්‍රිකට් පටන් ගන්නේ Vikrant Gupta කිවුව නිසාද?

ඔව්. එයා තමයි මට කිවුවේ ලංකන් ක්‍රිකට් නමින් යූ ටියුබ් එකක් කරන්න කියලා. ඒක දැන් දිගටම කරගෙන යනවා.

කලාව පැත්තෙන් මේ දවස්වල මොකද කරන්නේ?

මේ වෙද්දී මම මගේ කෙටි චිත්‍රපට කරගෙන යනවා. ඒ එක්කම ඩාන්සින් පැත්තෙන් මගේ වැඩ කරගෙන යනවා. මගේ යූ ටියුබ් චැනල් එකක් තියෙනවා Dance with Shehan Malik කියලා. එකේ මම ෆ්‍රී ඩාන්සින් උගන්වනවා සහ මගේ ඩාන්සින් කවර්ස් ටික කරනවා. ඒ වගේම Shehan Malik Entertainment කියන චැනල් එකෙන් මම චිත්‍රපට ගැන කතා කරනවා. ලංකාවේ කලා ක්ෂේත්‍රයේ වැඩ කිහිපයකටම කතා කරලා නම් තියෙනවා. තවම ඒ දේවල් ස්ථිර වුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. මතක් කරන්නම ඕනේ සාමාජිකයන් එක් ලක්ෂ තිස්පන්දහසකින් පමණ සමන්විත “ශෙහාන් මලික් ෆිල්ම් පවුල” Facebook group එක.

ඔබේ ජීවිතේ අරමුණක් හෝ ඉලක්කයක් තියෙනවද කවද හරි ඔබ යා යුතු තැන මොකක් ද කියලා?

හ්ම්… හොඳ ප්‍රශ්නයක්. මට දෙන්න විනාඩි කිහිපයක්….මගේ ගෝල් එක තමයි, ජීවිතේ කරන ඕනෑම දේකට උපරිමයෙන් සාධාරණයක් කරන එක. මගේ talent එකක් තියෙනවානන් මම ඒකට සාධාරණයක් කරන්නම ඕනේ. ඒ එක්කම ජීවිතේ මට ලැබෙන හැම අවස්ථාවක්ම මම අත් දෙකෙන්ම භාර ගන්න කෙනෙක්. ඇත්තටම මට ඕනේ “මේක තමයි මේ කාලේ රැල්ල” කියලා ඒකට වැඩ කරන්න නෙවෙයි. මම හැමදාම කළේ මට කැමැති දේ. එතකොට තමයි මම ජීවිතේ එන්ජෝයි කරන්නේ. මට ලැබෙන දේවල් ලැබුණෙත් මම කැමතිිි දේවල් කරලා.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division