Home » නැතිවූ බඩු සොයා දෙන කළු කුහුඹු නිමිත්ත

නැතිවූ බඩු සොයා දෙන කළු කුහුඹු නිමිත්ත

by thanushika
December 9, 2023 12:30 am 0 comment

බොහෝදෙනෙක් ජ්‍යොතිෂය, ගුප්ත ශාස්ත්‍රය යම් තරමකින් හෝ විශ්වාස කරයි. එසේනම් සෑම දෙනාටම පාගේ නිමිති ශාස්ත්‍රය ගැනත් කිසියම් හෝ අවබෝධයක් තිබීමත් හොඳය. ගෙදරක මිදුලට පක්ෂීන් ඒම හොඳ නිමිත්තකි. උන් අරගෙන එන්නෙ වාසනාවයි. පක්ෂින් යන එක නරකය. එසේ නම් අරගෙන එන්නේ වාසනාව නම් යන කොට ඉතිරි වන්නේ අවාසනාවයි. මනුෂ්‍යයාට නැති ඉවක් සතුන්ට තිබේ.

කළු කුහුඹියා හොඳය. රතු කුහුඹියා නරකය. තලගොයා එන එක හොඳය. කබරගොයා එන එක නරකය. මේ පූර්ව ලක්ෂණ අවබෝධ කරගතහොත් ඉදිරියේදී ලබන යහපත් දේ ලබාගැනීමටත් නරක දේ ලබා නොගැනීමටත් හැකි වේ. නිවෙස්වල, කාර්යාලවල මකුළුදැල් බැඳීම නරකය.

ඉන් එම ස්ථානවල වෙසෙන අය අතරේ සතුට සමඟිය කැඩේ.

සුනාමියට දින කීපයකට කලින් හිටි තැන්වලින් සතුන් පිටව ගියේය. ගිනි කන්දක් පුපුරන්න දින කීපයකට උඩදී එහි සිටි සතුන් පිටව යයි. ඉදිරියේදී එන විපත්තිය උන් තේරුම් ගනී. මොකද ඒ බව උන්ට දැනේ. ඔබේ ගෙදරත් මෙවැනි පූර්ව නිමිති දැක ඇති. නිමිත්තකින් පෙන්වන්නෙ මෑත අනාගතයේ සිදුවන ඔබට ලැබෙන යහපතක් හෝ අයහපතකි. මේ ගැන අවබෝධයෙන් සිට හොඳ දෙයක් නම් ලබා ගන්නත් නරක දෙයක් නම් ඉන් මිදීමට මඟ පාදාගත යුතුය.

ඔබේ නිවෙසට පක්ෂීන් සමූහයක් ඒවි. උන්ට කෑම දීලා පුරුදු කරගන්නට එපා. එවිට නිමිත්ත ක්‍රියාවෙන් ඔබට ප්‍රතිඵලය දකින්ට බැරිය. කුරුල්ලෝ සමූහයක් උදේට හෝ සවසට ඔබේ ගේ මිදුලට එන විට උන්ව එළවන්ට එපා. උන් එන්නෙ ඔබට ගෙන එන වාසනාව පැහැදිලි කිරීමටයි. ඔය විදියට ඇවිත් එක්වරම යන්ට යයි. ඔන්න අත ළඟ වියෝවක් හෝ සෑහෙන පාඩුවකි. දැන් ප්‍රවේශම් විය යුතුය.

ඔබ ගමනක් යන්ට සැරසෙයි. එය නොයා යුතු යයි හදිසියේ ලකුණක් දකීවි. නැත්නම් දැනේවි. ගමන යන්ට එපා. මඳක් රැඳි සිටින්න. දැන් යන්න. කරදරයකින් බේරුනා යැයි හිතන්න. ජ්‍යොතිෂය කියන්නෙ පුදුම සහගත ශාස්ත්‍රයකි. අපිට ඉන් වැඩ ගන්න අවබෝධය මදිය. ඔබගේ යමක් නැති වුණා යැයි සිතන්න. සොයනවා සොයනවා හමුවන්නෙම නැහැ. තවදුරටත් දැන් හොයන්න කරදර වන්ට එපා. ඒ බඩුව මේ විශ්වයේ තිබේ. ඔබට එතැන හොයාගන්නට බැරිය. යටි මනස කලබල වෙයි. වෙනත් වෙලාවක නිකම්ම ලැබේවි. කළු කුහුඹියා සීනි කන්නට, හීනි පොල් කෑමට හරිම කැමැතිය. එක්තරා දිනෙක ඔබේ ගෙදරට කළු කුහුඹියා සීනි ටිකක්, පොල් රැල්ලක් කටේ තියාගෙන නෑගම් ගෙදරක යනව සේ පෙරහැරක් මෙන් ගේ මැදින් හෝ කාමරයක අයිනෙන් ගියා ද? උන්ට කරදර කරන්ට එපා. ඌ ගිහින් නවතින තැන කිසියම් හෝ නැතිවූ දෙයක් ඇත. ඔබෙන් නැතිවූ කිසියම් දෙයක් නැවත ඔබට භාර දීමටයි උන් පැමිණියේ යැයි සිතන්න. කළු කුහුඹියා නැතිවූ රන් බඩු – මාල වළලු සොයා දීමට හපනෙකි. කළු කුහුඹියා දේව අවතාරයකි. සුබය. සමහරු කළු කුහුඹින්ව අතුගා පලවා හරියි. එවැනි දෑ නොකළ යුතුය. කළු කුහුඹියා එක්තරා කාලයකට එයි. හැබැයි දෙයක් කිව යුතුමය. උගේ පැමිණීම කිසියම් හෝ යහපතකට මිස අයහපතකට නම් නොවේ. කෙසේ වෙතත් “නිමිති” ගැන මඳක් හෝ දැනගෙන සිටියහොත් එය ඔබට වටී.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී රන්ජිත් පී. විද්‍යාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division