Home » දුර දක්නා නුවණ ඇති පෞරුෂ අංක 7 හිමියෝ

දුර දක්නා නුවණ ඇති පෞරුෂ අංක 7 හිමියෝ

by thanushika
December 9, 2023 12:30 am 0 comment

පෞරුෂ අංකයට අදාළ පලාපල සඳහන් කිරීමට ප්‍රථම ඔබ පෞරුෂ අංකය සොයා ගන්නා ආකාරය දැනගත යුතුය. ඒ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (ඊට වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු රූපසටහනේ පෙන්නුම් කරන ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අතහැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වන තුරු එකට එකතු කරගත යුතුය.

ඊට උදාහරණයක්ද පළ වේ.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි පෞරුෂ අංක 7 හිමි ඔබ ස්වභාවයෙන්ම ඉතාමත් දක්ෂ කාර්යශූර අයෙකු ලෙස කැපී පෙනේ. ඔබගේ ගමන බිමන කතා බහ සහ ඇඳුමින් පැලඳුමින් පවා ඔබ ගුණයහපත් සහ උසස් පුද්ගලයකු ලෙස අන් අය තුළ හැඟීමක් ඇති වෙයි. ඔබ තුළ යම් ඥාන ශක්තියක්ද පවතින අතර, දුර දක්නා නුවණින් කටයුතු කිරීමේ ස්වභාවයද පවතී. අවශ්‍ය අවස්ථාවල නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවද තිබේ. තීන්දු තීරණ ගැනීමේදී කීප වතාවක් ඒ පිළිබඳ හොඳින් සිතා බලා කටයුතු කරයි.

ජීවිතයේ ඔබ මුහුණ දෙන අත්දැකීම් අනුව දවසින් දවස ජීවිතයට අලුත් පාඩම් ඉගෙන ගනියි. ඒ තුළින් ජීවිතයේ ඉදිරි කටයුතු මනාව සංවිධානය කරගන්නට අත්දැකීම් සහ පන්නරයක් පෞරුෂ අංක 7 හිමි අය ලබා ගනියි. අංක හත වාසනාවන්ත අංකයක් ලෙස බටහිර ජාතීන් පිළිගනියි. ඒ නිසාම ඔවුන් ‘ලකී සෙවන්‘ ලෙසද මෙය හඳුන්වයි. පෞරුෂ අංක 7 හිමි ඔබට නායකත්ව ලක්ෂණ සහ හැකියා නිරායාසයෙන්ම පිහිටනු ලබයි. බොහෝ විට ඔබ ඇසුරු කරන සමාජය තුළ සහ පුද්ගලයන් අතර ගෞරවයටත් පිළිගැනීමටත් ලක්වන පුද්ගලයෙක් බව කිව හැකිය.

අාධ්‍යාත්මික වශයෙන් දියුණු වීමේ භාග්‍යයද ඔබ සතුව පවතී. ආගමට දහමට නැඹුරුතාවෙන් කටයුතු කරයි. පිරිසිදු සිතිවිලි සහ අදහස් ඇත. ඔබගේ අලුත් නිර්මාණාත්මක නව අදහස් නිසා ජීවිතයේ සෑම අවස්ථාවකම තම ඉදිරි පැවැත්ම ස්ථාවරව අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. තමාට එන බාධක අභියෝග ලෙස භාරගෙන ඒවා ක්‍රමානුකූලව විසඳාගෙන ඉදිරියට යාම පෞරුෂ අංක 7 හිමි ඔබගේ ස්වභාවයක් වෙයි. කුඩා කාලය තරමක් අසීරුතාවන්ට දුෂ්කරතාවන්ට මුහුණ දීමේ හැකියාව ද පවතී. ජීවිතයේ තරුණ වයසට පත් වීමෙන් පසු ඔබගේ ස්ථාවරභාවය ක්‍රමානුකූලව ගොඩනඟා ගනී.

ඔබ තම අදහස් සියල්ලම පිටතට හෙළි කරන අයෙක් නොවේ. තරමක් ගුප්ත ස්වභාවයක්ද ඔබ තුළ පවතී. ඔබ තේරුම් ගැනීම තරමක් අන් අයට අපහසුතාවක් පවතී. ඕනෑම දෙයක් පහසුවෙන් අවබෝධ කරගැනීමටත් වටහා ගැනීමටත් හැකි ශක්තියක් ඔබ තුළ තිබේ. ඔබ බොහෝ විට ඔබටම ආවේණික ජීවන රටාවක් අනුගමනය කරයි. නිදහස් ජීවිතය ඉතා ප්‍රිය කරන ඔබ, ඔබට ඕනෑ ආකාරයට නිදහස ගතකිරීමට උත්සාහ දරයි. තම සිතැඟි පරිදි කටයුතු කිරීමට යාම තුළ අන් අයගේ දෝෂ දර්ශනයන්ට ලක්වීමේ අවස්ථාවලට ද මුහුණ දීමට සිදුවිය හැකිය. උපතින්ම වාසනා ගුණයක් උරුම කරගෙන උපන් ඔබ, ඔබගේ තිබෙන දුර්වලතා මඟහරවාගෙන හැකියා දක්ෂතා නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගතහොත් ජීවිතයේ ඉතා ඉහළ සාර්ථකත්වයට පත්වීමේ වාසනා ගුණය පෞරුෂ අංක 7 හිමි ඔබ සතුව පවතී.

පෞරුෂ අංක 8 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division