Home » ඔබේ බලාපොරොත්තු නිසැකවම ඉටුවන ගණ දෙවි ඕම්කාරය

ඔබේ බලාපොරොත්තු නිසැකවම ඉටුවන ගණ දෙවි ඕම්කාරය

by thanushika
December 9, 2023 12:30 am 0 comment

09ගණ දෙවිඳුගේ පිහිට ආකර්ෂණය සහ බලය ඔබ වෙත ළඟා කරගැනීමේ තවත් සුවිශේෂී වතාවතක් වන්නේ ‘ඕම්කාරයයි’. මෙහි අර්ථ නිරූපණයක් සරලව පාඨක ඔබ දැන සිටීම උන්වහන්සේගේ ආකර්ෂණ බලය ලබා ගැනීමට ඉතාම වැදගත් වනු ඇත. සංස්කෘත භාෂාවේ සහ මන්ත්‍ර විද්‍යාව තුළ ‘ඕම්’ එසේත් නැතිනම් ඕං යන අක්ෂරය විශේෂ තැනක් හිමිවී ඇති බව මාගේ පර්යේෂණ සහ අත්දැකීම්වලින් පෙනී යන කරුණකි. ගණ දෙවියන්ගේ පිහිට ආධාරය අපේක්ෂාවෙන් උන්වහන්සේ වන්දනාමාන කිරීමේදී මෙම අක්ෂරය වැදගත් තැනක් ගනී.

උන්වහන්සේට පහන් දැල්වීමේදී අසුරු සැණින් උන්වහන්සේගේ දිව්‍යමය සවනට ඇසීම සඳහා ‘ඕම්’ එසේත් නැතිනම් ‘ඕං’ යන අක්ෂරයෙන් යුත් විශේෂිත ස්තෝත්‍ර වේද ශාස්ත්‍රය තුළ දක්නට ඇත. නමුත් බොහෝ බැතිමතුන් හෝ උන්වහන්සේට දේවාලවල පුද සත්කාර පවත්වන අය මෙවැනි ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කරනා බව නම් දක්නට නොලැබෙන බවකි. එම නිසාම මම ඉසිවර පාඨක ඔබට, ඔබගේ ප්‍රයෝජනය සඳහා මෙම පාරම්පරික ක්‍රමවේදය ඉදිරිපත් කරමි.

සාමාන්‍යයෙන් යම් අපේක්ෂාවක් ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් ගණ දෙවියන් උදෙසා ඔබ යහන් පහන් තැබීමේදී මේ ක්‍රමය ඉතාම වැදගත්ය. උන්වහන්සේට පහන් තැබීම රාත්‍රී 8 සිට 9 දක්වා වූ කාලය තුළ ද අලුයම 5 සිට 6 දක්වා කාලය තුළද ඉතාම වැදගත්ය. ගණ දෙවියන් ඉදිරියේ පහනක් පමණක් දල්වා ඔබේ අපේක්ෂාවන් උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කර සිටීමෙන් ඉතා ඉක්මන් කෙටි කාලයක් තුළ ප්‍රබල ප්‍රතිඵලයක් නෙළා ගත හැකිය. එය මාගේ අත්දැකීමයි. මෙම ලිපියේ සඳහන් මෙම ස්තෝත්‍රය ඔබට, ඔබේ දිවි ගමනේ කවදා හෝ කෙදිනක හෝ ඉතාම වැදගත් වනු ඇත. සමාජය තුළ මෙවැනි ක්‍රමවේද ඉතා විරල බව සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම මෙම ක්‍රමවේදය ධනය, මිල මුදල් අගහිඟකම් අකාමකා දැමීම සඳහා වැදගත් වනු ඇත.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division