Home » ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව කේන්දරේ 4 භාවයේ රාශිය නක්ෂත්‍රය සහ උපස්ථානය ගැනයි මේ

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව කේන්දරේ 4 භාවයේ රාශිය නක්ෂත්‍රය සහ උපස්ථානය ගැනයි මේ

by thanushika
December 9, 2023 12:30 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

09ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රයක පලාපල කතනය සම්බන්ධයෙන් ජන්ම පත්‍රයක 4 වැනි භාවය විශ්ලේෂණය කිරීමේදී මෙම භාවයට සම්බන්ධ වන රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය යන ස්ථාන වෙත අවධානය යොමු කරන්න.

සිවු වැනි භාවය

ජන්ම පත්‍රයක සිවුවැනි භාවය මඟින් පදිංචි ස්ථානය, මව, ගෘහ කටයුතු, ඉඩකඩම්, යානවාහන ලබා ගැනීම, පතල්, ගොවිපළවල්, හිතේ සතුට, අධ්‍යාපනය ලබා ගැනීම යනාදිය පෙන්වයි. මෙම ජන්ම පත්‍රයේ 4 වැනි භාව ස්ඵූටය කන්‍යා රාශියේ 260 28’20“හි යෙදී ඇත. එය කුජ ග්‍රහයා හිමි රාශියක, බුධ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ ගුරු ග්‍රහයා හිමි උපස්ථානයද යෙදී ඇත.

මෙම ජන්ම පත්‍රයේ 4 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති ගුරු ග්‍රහයාගේ නිවේදකත්වය 7, 9 සහ 10 වැනි භාවවලට යෙදෙයි.

මෙම භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා 7 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් එම ජන්මියා සහකරුවන් සහ බිරිය සමඟ සතුටෙන් කාලය ගත කරයි. නිවසේ ප්‍රීතිය ඇති වෙයි. සියලු දෙනාගේම සහයෝගය ඇතිව කටයුතු සාර්ථක කර ගනියි. සිවු වැනි භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා 9 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් එම ජන්මියා උසස් අධ්‍යාපනයට යොමු වෙයි. පර්යේෂණ කටයුතුවලට නැඹුරු වෙයි. ආගම දහමට ලැදි වෙයි.

සිවු වැනි භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා 10 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් එම ජන්මියා යහපත් වෘත්තියක යෙදෙයි. හොඳ නම සහ ගෞරවය නොඅඩුවම ලැබෙයි. සේවකාදීන් සහිත මාලිගාවක් වැනි නිවසක වාසය කරයි. බොහෝ දේපළ ඇත.

මෙම ජන්ම පත්‍රයේ 7 වැනි 9 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, කේතු, සිකුරු, ශනි, සඳු, රවි, බුධ සහ කුජ වෙයි. මේ ආකාරයට මෙම ජන්ම පත්‍රයේ 4 වැනි භාවය මඟින් පෙන්වන කරුණු ගැන හඳුනාගත හැකි වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division