Home » මහා පරාක්‍රමබාහු රජුට ජයගෙන ආ මහා සූර්ය දේවරාජ ලෝක වශී අඳුන සහ යන්ත්‍ර රාජයා

මහා පරාක්‍රමබාහු රජුට ජයගෙන ආ මහා සූර්ය දේවරාජ ලෝක වශී අඳුන සහ යන්ත්‍ර රාජයා

by thanushika
December 9, 2023 12:31 am 0 comment
ජ්‍යොතිෂ විද්‍යා ජෝති ජිනදාස එදිරිසිංහ

ග්‍රහයන් නව දෙනාගෙන් රවි හෙවත් සූර්ය දිව්‍ය රාජ ග්‍රහ බලයෙන් උපත ලබන ජන්මීන්ට විවිධාකාර සුබ අසුබ ප්‍රතිඵල උදා කරයි. රවීගේ මහ දශාව අසුබ වූ විට එම වකවානුව තුළ ධන විනාශය, නෑ හිතමිතුරන් වෛර වීම, අමනාප වීම, අප්‍රසාදයට ලක්වීම, දරුවන් අකීකරු මුරණ්ඩු වීම, පලා යාම, ශෝකය, කලකිරීම, උන්හිටිතැන් නැති වීම, හදිසි අනතුරුවලට ලක්වීම, ශරීර අවයවයන් ශල්‍යකර්ම මඟින් කපා ඉවත් කිරීමට සිදු වීම, කැඩීම්, බිඳීම්, බන්ධනාගාරගත වීම්, අකල් මරණයන්ට ගොදුරු වීම්, රෝග සුව නොවීම්, ඔත්පල වීම්, විවාහ කැඩී වෙන්වීම්, විවාහ ප්‍රමාදය හා බාධා යක්ෂ, ප්‍රේත, භූත, අමනුෂ්‍ය දෝෂවලින් පීඩා විඳීමට හා ගොදුරු වීම් ඇති වේ.

හිරුගේ විස්තර මෙසේය.

ශ්‍රීමත් නාරායනාධ්‍ය ප්‍රිය තම කමලාම්

ජාතවා ක්‍රිෂ්ණ වේදඃ ප්‍රාන්ත මන්ත්‍ර සේත්‍රඃ

ත්‍රී කටුක විලසාන් කුංකුමා භාග්‍ය මාන්‍යා

රත්තාං ගෞදිත්‍ය පුරතතිඃ හරිත හය යුතඃ

න්‍යානධනානු රූසුනුඃ සාල් මල් ලෙන්‍යාධ්‍යාන

භොගි දිසතුරු වීර සෞශබ්ද දිසඃ ශ්‍රී යාන්වාහි

යන ශ්ලෝකයෙන් කියැවෙන්නේ ශිව දෙවියන්ගේ පියා නාරායන මහා සෘෂීන් බවය. මෑණියෝ කමලා නම් ස්ත්‍රියකි. ත්‍රී කුළු භෝජනද සිරිවන අවියද රථවාහනයද ඉඳුරු දිශාව හා ඉඹුල් විමනද පද්මරාග මැණිකක්ද කැති, තුරුපල්, තුරුසල නැකැත් තුනද සිංහ රාශියද රන්වන් පාටද හිරුගේ උපභෝග වස්තූන් හා උස මහතද සත් අවුරුද්දක් වූ මහා දශාවද වශයෙන් හිරු අවතාරය එසේ විස්තර වේ.

සූර්ය දිව්‍ය රාජයාගෙන් වන තදබල අපල උවදුරු ශාන්තිකර්ම කිරීමෙන් ග්‍රහ පූජා පැවැත්වීමෙන් යන්ත්‍ර පැලඳීමෙන් නිති සැප ආයු ලැබීමට අපල උවදුරු දුරුකර ශාන්තිය සහ සෙත උදාකර ගැනීමට පෙර මහා රජවරු, අමාත්‍යවරු, ප්‍රභූවරු, අදිකාරම්වරු, පෙර රජ දවසේ මෙන්ම වර්තමානයේද රහසින් භාවිත කරන මෙම සූර්ය දේව රාජ ලෝක වශී යන්ත්‍රය හා අඳුන බලගතු එකකි.

කෝට්ටේ යුගයේ බුවනෙකබාහු රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, මෙන්ම තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් වහන්සේ වැනි උත්තමයන් මන්ත්‍රවේදීන් ලවා මෙම යන්ත්‍ර රාජයා විධිමත් ලෙස සකසා ගෙල පැලඳ තමාගේ මර නැකැත් ග්‍රහවේදයන් දුරුකර කේසර සිංහ රජවරු සේ ජය ලබා ඇත. ලංකාවේ රාජ්‍ය උරුමය වූ පිළිබඳ සංකේතය වන ශ්‍රී දළදාව හා පාත්‍ර ධාතුව සුගලා බිසව ඇතුළු රුහුණු පාලකයන් සතුව පැවතුණු නිසා සුගලා දේවිය පරදවා ධාතූන් වහන්සේලා තමා සතු කරගැනීමෙන් ක්‍රි.වර්ෂ 1153 දී සමස්ත ත්‍රිසිංහලයේම අධිශ්වර වූ මහා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී ලංකාවේ අග්‍ර රාජයා වශයෙන් අභිෂේක ලැබීම සඳහා මෙම යන්ත්‍ර රාජයාගේ බලයෙන් බව මන්ත්‍ර පුරාණයේ සඳහන්ව ඇත.

රවීගේ මහ දශාව තුළ ඇතිවන සියලු අපල, මාරක, උවදුරු සකලාංග ශරීරයෙන් මුළුමනින්ම සමනය කරන මෙම මහානුභාවසම්පන්න සූර්ය දේව රාජ අඳුන හා යන්ත්‍ර රාජයා නිර්මාණය කරන්නේ මේ ආකාරයෙනි.

අඟල් 2″ක් පළළ දිග අඟල් 7″ක් හෝ දහයක ප්‍රමාණයේ තඹ හෝ රිදී පතක ඇඳ පහත ඖෂධ රන් තැඹිලි තෙලෙන් අඹරා සිඳ රවි හෝරාව තුළ නැඟෙනහිර දිශාව බලා අඹරා ඉඹුල් කොළ මත යන්ත්‍රය සහ ඖෂධ ගුලිය තබා පහත මන්ත්‍රයෙන් 33 වර කියා ගයන්න.

ඖෂධ වර්ග මේවාය. කස්තුරි, ගෝරෝචන, සූර්ය කාන්ත මල් ඇට හා මුල්, සස්සඳ, නෙළුම් රේණු සහ ඇට, අල, එළ කටරොලු මල්, ත්‍රෛයිලෝක්‍ය විජය පත්‍රං, උණ කපුරු, ඉඹුල් මල්, මුල්, පොතු, මැලියම් හඳුන් තෙලින් අඹරා ගන්න.

ස්ත්‍රෝත්‍රය-

ඕං ඉන්ද්‍රයාම දිසිභාන දේව ප්‍රෝගම්

පත්ම රාග රත්න කාලසම් ප්‍රියාන්තම්

හේව මමුස්මින් සුභමං දිෂ්ටි තා භවන්තු ඕං සූර්යාසුං ප්‍රියාන්තු වරද්‍රෝ භවන්තු කුංකුම ප්‍රියාය නාරායණී නන්දාය නමඃ ජපාකුසුම සංඛාසංකාශ්‍ය පේයං මහත් දියුතිං, නමොරංසර්ඤා පාපග්නං පුනතෝස් මිදිවා තරං උවිග්ග චිත්තවරී වොදිත චිත්ත නාසා ක්ලේෂා පුවා සගද පිය්‍ය භයා නිතස්‍ය සංඛේෂාහි ත්‍රස්තජන භාතො දර්දශාම හජති නිස්චය මාපදස්ම.

යන්ත්‍ර සහ ඖෂධ යන්ත්‍රය –

ඕං නමඃ සුර්ය දිව්‍ය රාජයා නමඃ – ඕං සුර්ය මණ්ඩලය නමඃ ඕං පූර්ව සුර්ය නමඃ ඕං හ සත පුඨ සුර්ය නමඃ ඕං මහා කාර්ය වසංකරාය නමඃ ඕ මහා දේව වසංකරාය නමඃ මහා යක්ෂ යක්ෂනී වසංකරාය නමඃ සර්ව ස්ත්‍රී පුරුෂ වසංකරාය නමඃ සර්ව දේව වසංකරාය නමඃ සර්ව මුර්ග වසංකරාය නමඃ සර්ව දේව වසංකරාය නමඃ සර්ව රාජයෝ නමඃ සර්ව කාර්ය සිඬන්තු මහා සුර්ය මණ්ඩල සත්‍යානුභාවේන (තමාගේ නම) ගේ ජීවිත ආරක්ෂන්තු කුරු කුරු ඒස්වාහා (මෙයින් 321වර ජප කර ගෙල පලඳින්න. ඖෂධ ගුළියක් සමඟ නැකැත් අනුව)

මෙයින් ස්ත්‍රී පුරුෂ සැමට තමාගේ සියලු අපල සඳහා පොදුවේ ගුණ ලැබෙන අතර රවීගේ තදබල මාරක අපල භංග වේ. සර්වජන වශියට රාජ වශියට ඉතාම යහපති. හස්ති සමූහයා මැදටවත් කේශර සිංහරාජයකු ජය ලැබෙයි. තම අභිමත සිද්ධ වේ. නැකැත් මර ග්‍රහවේද හදිසි අනතුරු මාරක ළං නොවේ. තරග මැතිවරණ ජය, විවාද, කථිකත්වයට, ජන වශි වේ. නඩුවට ගිය කල දසබිම්බර තමන්ට ජය අත් වේ. ශරීර ආරක්ෂාවට සුබ වන අතර වින නොවදී. විවාහ ප්‍රමාද අයට මංගල වැසි වසී. ස්ත්‍රී පුරුෂයින් වසඟයට පත්වී පෙම් සබඳතා දලුලයි. ඉර – හඳ පවතින තාක් සහ තම ආයුෂ ඇති තාක්කල් මෙම යන්ත්‍රයේ බලය ඇති බව කියා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division