Home » අල්ලේ දූපත් සලකුණු කියන කතාව

අල්ලේ දූපත් සලකුණු කියන කතාව

by thanushika
December 9, 2023 12:34 am 0 comment

පසුගිය සතියේ අල්ලේ පිහිටන සුවිශේෂ සලකුණු අතර දැල් සලකුණු පිහිටීමෙන් ජන්මියාට ලැබෙන සුබපල හෝ අසුබපල සඳහන් කෙරිණි. මෙවර අල්ලේ පිහිටන තවත් සලකුණක් වන දූපත් සලකුණ පිළිබඳ සුබපල මෙන්ම අසුබපල කෙසේදැයි විමසා බලමු. ඒ අනුව අල්ලේ කුමන ස්ථානයක දූපත් සලකුණක් පිහිටා තිබුණ ද එය අසුබය. කුඩා දූපත් ලකුණින් තදබල අසුබයක් නොවුණත් ලොකු දූපත් සලකුණුවලින් මාරක අපල පවා සිදුවිය හැකිය.

1. ගුරු මණ්ඩලයේ පිහිටන දූපත් ලකුණින් ආත්ම ගෞරවයට පවා හානි සිදුවන බව ප්‍රකට කරයි. උසස් වීම් සඳහා ඇති උනන්දුව අඩු කෙරේ.

2. අන් අයට උපකාර කිරීමට ගොස් තමන්ට පාඩු සිදුකර ගන්නා පුද්ගලයා ශනි මණ්ඩලය මත දූපත් ලකුණින් හඳුනාගත හැක.

3. රවි මණ්ඩලයේ දූපත් සලකුණ උදාසීන බව හෙළි කරයි.

4. බුධ මණ්ඩලයේ දූපත් සලකුණ ඇති අයට හවුල් ව්‍යාපාර පල නොදෙයි.

5. දෙවැනි කුජ මණ්ඩලයේ දූපත් ලකුණින් බියසුලු පුද්ගලයෙක් හඳුන්වා දෙයි.

6. චන්ද්‍ර මණ්ඩලයේ දූපත් සලකුණ චිත්ත ශක්තිය දුර්වල අලස ගති අයට පිහිටයි.

7. සිකුරු මණ්ඩලය මත දූපත් ලකුණින් ආලය සම්බන්ධ කටයුතුවලදී හැඟීම්වලට වහල් වී කටයුතු කිරීමෙන් අමාරුවට පත්වේ.

8. බලාපොරොත්තු කඩවී ජීවිතය අවාසනාවන්ත වූ අයගේ අල්ලේ 1වැනි කුජ මණ්ඩලයේ දූපත් සලකුණු පිහිටයි.

9. අල්ලේ මැද (කුජ තලාව) දූපත් ලකුණ රෝගී වීමට හේතු වේ.

ඇඟිලි මත

10. මහපට ඇඟිල්ලේ ඉහළ පුරුක මත දූපත් ලකුණ දේපළ සම්බන්ධ අවුල් වියවුල් ඇති කෙනෙකුගේය.

11. අවිනීත ගති ඇති වේ.

12. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන අයගේ දබරඟිල්ලේ ඉහළ පුරුකේ දූපත් සලකුණු දැකිය හැක.

13. මවුපියන්ට අපල ගෙන දෙයි.

14. සොර සතුරන්ගෙන් නිතර කරදර ඇතිවන බව පෙන්නුම් කරයි.

15. මැදඟිල්ලේ ඉහළ පුරුකේ දූපත් ලකුණ වසවිස කැවීම ආදියෙන් මරුමුවට පත්විය හැකි බව පෙන්වයි.

16. ධනය, බලය කොතරම් තිබුණද හිතේ සතුට නැත.

17. මැදඟිල්ලේ පහළ පුරුක තුළ ඇති දූපත් ලකුණ විවාහ ජීවිතය අසාර්ථක වීමකි.

18. වෙදඟිල්ලේ ඉහළ පුරුක මත ලකුණින් කොපමණ අන් අයට උදවු කළත් හොඳක් නැත.

19. දෙවැනි පුරුකේ දූපත් සලකුණ ද සුබ නොවේ. පුපුරණ ද්‍රව්‍යවලින් හානි සිදු වේ.

20. වෙදැඟිල්ලේ පහළ පුරුකේ එම සලකුණ රජයේ උසස් තනතුරක් හිමි වුවත් තීරණයක් ගැනීමේ ආත්ම ශක්තියෙන් හීන කෙනෙකුගේය.

21. සුළඟිල්ලේ පුරුකේ දූපත් සලකුණ ගොත ගසන අයගේ අත්වල දැකිය හැක.

22. ධාරණ ශක්තියෙන් අඩු ඉගෙනීම අතරමඟදී කඩාකප්පල් කරගන්නා අයගේය.

23. කුමන ස්ථානයකට ගියත් කුමන හෝ කරදරයක් ඇති කරගන්නා අයගේය.

රේඛා මත දූපත් සලකුණු

. ජීවන රේඛාව මත දූපත් සලකුණ ඉතා අසුබය. බොහෝ විට ගෙඩි, වණ, පිළිකා මෙන්ම හදිසි අනතුරු ඇතිවීමට ද හේතු වෙයි.

. ශීර්ෂ රේඛාවේ දූපත් සලකුණ කය වෙහෙසා වැඩ කරන අයගේ මෙන්ම නොයෙකුත් මානසික රෝග ඇති අයගේ අත්වල පිහිටිය හැක.

. හෘදය රේඛාව මත ඇති දූපත් ලකුණින් නහරගත ආබාධ හා හෘදයාබාධවලට හේතු වේ. දෛව රේඛාවේ දූපත් ලකුණක් විණිනම් දෛවය වෙනස් කරන තරමේ බලවත් රෝග ඇති වේ. ගැහැනියක නම් විවාහයට පළමු කන්‍යාභාවය නැතිකර ගැනීමටත් පිරිමියෙකු නම් අයථා ලිංගික සබඳතා ඇති වීමටත් හේතු විය හැක.

. රවි රේඛාව හෙවත් කීර්ති රේඛාවේ දූපත් ලකුණක් ඇතිනම් චර්ම රෝග, අපකීර්තියට ලක්වේ. රැකියාවේදී නම් තනතුරෙන් පහකිරීම් ආදියට හේතු විය හැක.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division