Home » EOAS කියන්නේ කෘමී විකර්ෂණයටත් සාර්ථක අස්වැන්නකටත් එකම පොහොරක්

EOAS කියන්නේ කෘමී විකර්ෂණයටත් සාර්ථක අස්වැන්නකටත් එකම පොහොරක්

by gayan
December 9, 2023 12:30 am 0 comment
 ඩී. ඒ. පෙරේරා සභාපති/ EOAS Organics (Pvt) Ltd

අංක 190, ඩි මෙල් වත්ත, ගෝනපොල ලිපිනයේ පිහිටා ඇති EOAS Organics (Pvt) Ltd කර්මාන්ත ශාලාව, මෙරට දේශීය කාබනික වගාවට උර දෙන තවත් සුවිශේෂී කාබනික පොහොර සමාගමකි.

EOAS සන්නාමය යටතේ මෙරට ගොවි බිම් වෙත පිදෙන ‘EOAS කාබනික දියර පොහොර’ ඔවුන්ගේ ප්‍රධාන පොහොර නිෂ්පාදනය යි.

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ ‘EOAS’ සන්නාමය යටතේ ගොවි ජනතාවට ලබා දුන් කාබනික පොහොරවල සුවිශේෂී ගුණය ලංකාව පුරා ගොවි ජනතාව ඉතා හොඳින් අත්දුටු අතර, එම කාලය තුළ එම ගොවීන් ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගත් බව එම ගොවීන්ම පැවසීම විශේෂත්වයකි.

රජය විසින් ආරම්භ කළ එම කාබනික ප්‍රතිපත්තියට අනුව, DA Perera Organics සමාගම මේ වන විට කාබනික ගොවිතැන උදෙසා විශාල දායකත්වයක් සපයා දී තිබේ.

ඒ අනුව ඩී. ඒ. පෙරේරා කාබනික සමාගම, අංශ ගණනාවක් යටතේ කාබනික වගාව සහ කාබනික ආහාර පිළිබඳ දෙස් විදෙස් වශයෙන් විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටියි.

ඒ පිළිබඳ EOAS Organics පුද්ගලික සමාගමේ සභාපති, ඩී. ඒ. පෙරේරා මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“EOAS” කියන්නේ, 1894 සිට කුළුබඩු තෙල්වලට සමාන නාමයක්. මෙම ව්‍යාපාරය අපගේ පවුලේ උරුමයක්. අප එහි හතර වැනි පරම්පරාව. පාරම්පරිකව කරගෙන ආ කර්මාන්තයට වෙනස් මුහුණුවරක් එක් කරන්නට මට හැකියාව ලැබුණා. ඒ අනුව, අපනයනයට එක්වෙමින් අප සමාගම 1999 දී කුළුබඩු තෙල් සාන්ද්‍රණ නිෂ්පාදනයට යොමු වූ අතර, ඒවා ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළට යැවීම සඳහා කටයුතු කළා.

අද වන විට EOAS එහි සුවිශේෂී නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ආහාර සහ රසකාරක කර්මාන්තය පුරා ප්‍රසිද්ධ හා ඉහළ පිළිගැනීමක් ලබා තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ නවීන ගුණාත්මක භාවයෙන් යුත් වෙළෙඳපොළ තුළ පසුගිය වසර කිහිපය පුරා EOAS සන්නාමය පෙර නොවූ විරූ සාර්ථකත්වයකට ළඟා වී තිබීම විශාල සතුටක්.

EOAS විශේෂත්වය තමයි, මේ සෑම කුළුබඩු තෙල් සාන්ද්‍රණයක් ම කාබනික ව නිෂ්පාදනය කිරීම. සුගන්ධ තෙල්, නවීනතම ස්කාගාර සහ ද්‍රාවක නිස්සාරණ කම්හල අප ආරම්භ කළේ 1999 වසරේ. අද වන විට EOAS අප ශ්‍රී ලංකාවේ විශාලතම කුළු බඩු තෙල් අපනයනකරු ලෙස ශ්‍රේණිගත ව සිටිනවා.

අප කුරුඳු තෙල් ඇතුළු කුළුබඩු තෙල් නිස්සාරණය කිරීම සඳහා අවශ්‍ය වගාවන් මහා පරිමාණයෙන් සිදු කරන සමාගමක්. කොහොමටත් අක්කර 2,000ක විතර එවැනි කුළුබඩු වගාවක් අප සතුයි. මුල් කාලයේ පටන් ඒවාට අවශ්‍ය කාබනික පොහොර හදාගත්තේ අපිමයි. මොකද, කුළුබඩු ඇතුළු කාබනික ආහාර නිෂ්පාදන ජාත්‍යන්තරයට යවද්දී, ඒවා සඳහා යොදා ගන්නා පොහොරත් අනිවාර්යයෙන්ම කාබනික විය යුතුයි. ඒවාට අදාළ සහතික ලබා දෙන ආයතනවලින් නිරන්තරයෙන් අපගේ පොහොර යෙදීම පවා පරීක්ෂාවට ලක්වුණා. මේ විදියට කරගෙන යන විට තමයි, තවත් ටිකක් මේ කටයුත්ත පුළුල් කර අපිටම කියා කාබනික පොහොර ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහස ආවේ. අප ඒ දේට අත ගැහුවා. අපගේ මේ කටයුත්ත සිදු වන්නේ, කාබනික පොහොර විෂය ක්ෂේත්‍රයේ විශාල දැනුමක් ඇති ප්‍රාමාණිකයන් හා කෘෂිකර්මයට අදාළ ආචාර්ය උපාධිධාරීවරු දෙදෙනකු ගේ මඟ පෙන්වීම යටතේ යි. ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් මත නිරන්තරයෙන්ම අපගේ කාබනික දියර පොහොර සඳහා අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු (Research and Development) සිදු කෙරෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි පොහොරකට පමණක් සීමා නොවී, එකම පොහොරක්, කෘමී විකර්ශකයක් සහ ශාක වර්ධනීය පොහොරක් ලෙස මෙසේ සංවර්ධනය කර තිබෙන්නේ. එය තරමක් විරල නිෂ්පාදනයක්. මේ සඳහා අධි තාක්ෂණික භාවිතය, ප්‍රමිති පවත්වා ගැනීම ඉතා ඉහළ මට්ටමින් සිදු වනවා.

ඒ අනුව, එතෙක් ජාත්‍යන්තරයට කාබනික කුළුබඩු තෙල් සැපයූ EOAS Organics (Pvt) Ltd සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස, ඩී.ඒ. පෙරේරා කාබනික පොහොර නිෂ්පාදන සමාගම බිහි වුණා.

අපගේ මේ දියර පොහොරවල තිබෙන විශේෂත්වය නිසා, එය පොහොරක් පමණක් නොව කෘමී විකර්ශකයක් සහ ශාක ආරක්ෂණයක් ලෙසත් ක්‍රියාත්මක වීම තුළ වී වගාවේ මූල ගැටිති ඇති කරන නෙමටෝඩ්ස් රෝගයටත්, එළවළු සහ පලතුරු වගාවේ පිටිමකුණා, සුදු මැස්සා, පැළ මැක්කන් ඇතුළු සියලු උවදුරුවලටත් සාර්ථක ප්‍රතිකර්මයක් බවට පත් ව තිබෙනවා.

ඒ වගේම කිව යුතුයි. අපගේ දියර පොහොර නිෂ්පාදනය සඳහා නයිට්‍රජන් බහුල ශාක සහ සත්ත්ව කොටස් යොදා ගැනෙනවා. ඒ අනුව ගව මුත්‍රා, මාළු පෝෂක දියර ඇතුළු අපට ම ආවේණික තවත් අමුද්‍රව්‍ය කිහිපයක් අප අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නවා.

අවුරුදු විස්සකට පෙර පටන් අපගේම කාබනික වගාවන් සඳහා පොහොර නිෂ්පාදනය කරද්දී ත් අනුගමනය කළේ මෙම ක්‍රමවේදය යි. එහි සාර්ථක ප්‍රතිඵල අප ලබා ගත් නිසයි, මෙතෙක් කලක් කාබනික කුළුබඩු තෙල් ඇතුළු කාබනික ආහාර ද්‍රව්‍ය ජාත්‍යන්තරයට යැවීමේ ව්‍යාපාරය දිනෙන් දිනම සාර්ථක ලෙස පවත්වා ගෙන එන්නට හැකියාව ලැබුණේ. මෙය අපගේ කණ්ඩායම් ක්‍රියාවලියක් ලෙස කැපවීමෙන් ආ ගමනක් නිසා.

ඒ අනුව කුරුඳු තෙල්, කරාබුනැටි තෙල්, සාදික්කා තෙල්, ගම්මිරිස් තෙල් ඇතුළු කුළු බඩුවලින් නිස්සාරණය කොට ගන්නා තෙල් සඳහා ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් ද අප වෙත ගොඩනඟා ගන්නට අපට හැකි වුණා.

මේ නිෂ්පාදන හරහා පොල් කිරි පිටි, පොල්කිරි කෑන් වැනි තව තවත් අතුරු නිෂ්පාදන අප හඳුන්වා දී, ඒවාද ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. මේ හරහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට උපදවන්නට අප දායක වනවා. කාබනික දියර පොහොර පමණයි, අප දේශීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනය කරන්නේ.

අපගේ මේ දියර පොහොර වී වගාවට, එළවළු, පලතුරු සහ මල් වගාවට පමණක් නොවෙයි, පොල් වගාවේදී ත් සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා. එය අපගේ ම පොල් වගාවලට සහ තවත් පොල් වතුවලට යොදා සාාර්ථක ප්‍රතිඵල අත්විඳ තිබෙනවා. ඒ වගේම, පොල් සහ තැඹිලි වගාවේ රෝගවලටත් සාර්ථක විසඳුම් මේ ඔස්සේ ලබා ගන්නට පුළුවන් වුණා.

අපගේ ප්‍රධාන කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ හොරණ ගෝනපොල. ඊට අමතරව කෑගල්ල, තලාතුඔය සහ එගොඩඋයන ප්‍රදේශවල තවත් කර්මාන්තශාලා තුනක් තිබෙනවා.

අපගේ මෙම දියර පොහොර යොදා ගැනීමේ සාර්ථක ක්‍රමය වන්නේ දියර පොහොර මිලි ලීටර් 150-200 අතර ප්‍රමාණයක්, වතුර ලීටර් 16 ටැංකියකට මිශ්‍ර කර ගැනීමයි. එසේ නිසි ආකාරයෙන් මිශ්‍ර කර සිය වගාවන්ට යෙදූ පසු ලබා ගත් සාර්ථකත්වය පිළිබඳ, ලූනු වගාවේ නියැළෙන ගොවි මහතකු පැවසූයේ,

” මෙම දියර පොහොර යෙදීම නිසා මගේ විනාශ වු ලූනු වගාව නැවත සක්‍රිය වුණා…” යනුවෙනුයි.

එමෙන්ම, 2017 වසරේ මහා ගොවියා ලෙස කිරුළු පළන් ඒ.ඒ. සෝමදාස ගොවි මහතා ද පවසා සිටියේ,

“මම මේ EOAS Organics දියර පොහොර ගෝවා, නෝකෝල්, මුං ඇට, කවුපි වැනි වගා රාශියකට හරියට ම තුන් වතාවයි යෙදුවේ.

මෙම පොහොර වර්ගය නිසා වගාවේ සියලුම පළිබෝධකයින් ඉවත් වුණා. ඉතාම හොඳින් වගාව සක්‍රිය වුණා. ඉතා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට එයින් හැකිවුණා. මම කියන්නේ, ගොයමේ කීඩෑ හානිවලට මේ දියර පොහොර බොහොම වටිනවා. ගොයම බණ්ඩි කාලේ දෙපාරක් විතර යෙදුවොත් කිසිදු කෘමි හානියක් නැතිව සාර්ථක වී අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්…” යනුවෙනුයි.

මේ අනුව කාබනික ගොවිතැනේ අනාගතය පිළිබඳ රජය අඛණ්ඩ අවධානය යොමුකොට ඒ සඳහා ධෛර්යය ලබා දෙනවා නම් එය, දේශීය කාබනික පොහොර නිෂ්පාදකයන් පමණක් නොව, රටත් ජනතාවත් ලබන විශාල ජයග්‍රහණයක් බව කිව හැකියි. මෙම කාර්යයේ දී අපට නොමද සහාය ලබා දෙන ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චන්දන ලොකුහේවගේ මහතා ඇතුළු නිලධාරීන් හට අපගේ විශේෂ ස්තුතිය පිරිනමන්නට කැමැතියි.

මම නැවතත් කියන්නේ, අපගේ ප්‍රධානම නිෂ්පාදනය දියර පොහොර වන නිසා අප ඒ වෙනුවෙන් විශාල අවධානයක් දී තිබෙනවා.

ඒ අනුව, රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ටි කාර්යය අඛණ්ඩව සිදුවෙමින් වඩාත් සාර්ථක ප්‍රතිඵල සෑම අංශයකින් ම ලබාගත හැකි ආකාරයට, EOAS දියර පොහොර නිරන්තරයෙන් සංවර්ධනය කෙරෙනවා. මෙතෙක් කලක් කෘමී උවදුරු සහ විවිධ රෝගාබාධ නිසා වගාව පිළිබඳව ඔබ කලකිරීමට පත්ව සිටියා නම්, අපගේ කාබනික දියර පොහොර පාවිච්චි කර බලන ලෙස ඔබට ආරාධනා කරනවා…”

අපගේ කාබනික නිෂ්පාදන මිල දී ගැනීමට විමසන්න.

0777885440

0112722203

“වස විසෙන් තොර සරු රටක්”

අතිරේකය සමඟ ඔබත් එක්වන්න

විමසන්න – රෝයි ජයසිංහ (කළමනාකරු විශේෂ අතිරේක) 0777 270 076

පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ

එන්. ධම්මික එදිරිසූරිය

0773 497 565

පිටු සැකසුම – චතුපබෝධා විජයලත්

සම්බන්ධීකරණය – නිශාන්ත පීරිස්

 

 

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division