Home » කාගිල්ස් බැංකුව මූලික මහජන කොටස් නිකුතුව සිදු කරයි

කාගිල්ස් බැංකුව මූලික මහජන කොටස් නිකුතුව සිදු කරයි

by gayan
December 9, 2023 12:30 am 0 comment

කාගිල්ස් බැංකුව විසින් එකක් රුපියල් 8ක් බැගින් වන කොටස් මිලියන 62.5 නිකුත් කිරීම මාර්ගයෙන් රුපියල් මිලියන 500 ක (ස්ථරය 1) ප්‍රාග්ධනය රැස් කර ගැනීමට එහි මූලික මහජන කොටස් නිකුතුව නිවේදනය කරයි. මෙම මූලික මහජන කොටස් නිකුතුව සඳහා අයදුම් කිරීම දැන් විවෘතව ඇති අතර දායකත්ව ලැයිස්තුව 2023 දෙසැම්බර් 14 දා විවෘත කරනු ලැබේ.

එහි මූලික මහජන කොටස් නිකුතුව දැනුම් දීමේ උත්සවයේදී කතා කළ කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර ප්‍රකාශ කළේ මේ වසරේ මේ දක්වා ශුද්ධ වත්කම්වල 20% වර්ධනයක් වාර්තා කරගෙන සිටින බවත්, සැලසුම් කර ඇති මූලාරම්භයන් සමඟින් ඉදිරි වසරවලදී එම වර්ධනය කඩිනම් කිරීමට සැලසුම් කරන බවත්ය.

බැංකු ශාඛා 24 කින් සහ කාගිල්ස් සුපිරි වෙළඳ සැල් ජාලයේ ශාඛා 29 ක මහ බැංකුවේ අනුමැතිය ලත් මිනි බැංකු සේවා (MINI service channel) පිහිටුවා ඇති කාගිල්ස් බැංකුව, සම්පූර්ණ බැංකු සහ මූල්‍යසේවා මාලාවක් සපයන කාගිල්ස් ව්‍යාපාර සමූහයේ මූල්‍යසේවා අංශයයි. මෙම බැංකුව ෆිච් රේටින් ලංකා ආයතනය විසින් පිරිනමන ලද National Long-Term Rating of A(lka) ශ්‍රේණිගත කිරීම දරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division