Home » කඩොලාන පරිසර තේමාව යටතේ SLT-MOBITEL 2024 කැලැන්ඩරය එළිදක්වයි

කඩොලාන පරිසර තේමාව යටතේ SLT-MOBITEL 2024 කැලැන්ඩරය එළිදක්වයි

by gayan
December 9, 2023 12:30 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති’ යන තේමාව යටතේ තම 2024 දින දර්ශනය පසුගියදා එළිදැක්වී ය. මෙමඟින් රටේ ස්වභාවික උරුමයක් වන කඩොලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය හා ඒවා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ‍.

ලොව පුරාම කඩොලාන පද්ධති මේ වන විට විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ SLT-MOBITEL හි 2024 දින දර්ශනය, ජෛව විවිධත්වය සුරැකීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධති මඟින් ඉටු වන මෙහෙවර පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම තුළින් ඒවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන පුරෝගාමියෙකු වශයෙන් ව්‍යාපාරික ඉලක්කවලින් ඔබ්බට විහිදෙන වගකීමක් තමන් සතු යැයි විශ්වාස කරන බවත්, තිරසරබව අවධාරණය කරමින් ඒ සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සංවාදයක් ඇතිකිරීම සඳහා 2024 දින දර්ශනයට කඩොලාන පරිසර පද්ධති පිළිබඳව තොරතුරු ඇතුළත් කිරීමට තීරණය කළ බවත් SLT ප්‍රධාන අලෙවි නිලධාරි ප්‍රභාත් දහනායක පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division