Home » දැයේ දරුවන් වෙනුවෙන් LOLC නොනවතින මෙහෙවර

දැයේ දරුවන් වෙනුවෙන් LOLC නොනවතින මෙහෙවර

by gayan
December 9, 2023 12:30 am 0 comment

LOLC දිවි සවිය තුන්වන අදියරේ නිල දියත් කිරීම, “අනාගතය තිළිණ කිරීමේ” තේමාවෙන් යුතුව ඉකුත් 5 වැනිදා සිදු කෙරිණි. එම අවස්ථාවට විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් තෝරාගත් පාසල්වල සිසුන් 350 අධික පිරිසක් සහභාගි විය.

රුපියල් බිලියන 2.5 ක් වූ ආයෝජනයකින් සිදු කෙරෙන LOLC දිවි සවිය අධ්‍යාපනික දිරිය වැඩසටහනේ තුන්වැනි අදියර යටතේ තවත් අතිරේක පාසල් 1204ක් ආවරණය කරමින් දිවයින පුරා සිසුන් 100-150ක් අතර සංඛ්‍යාවක් සිටින පාසල් වෙතද ව්‍යාප්ත කිරීමට හා දිස්ත්‍රික්ක 25 පුරා පාසල් උපකරණ බෙදා දීමට ද අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන පවසන්නේ තුන්වන අදියර අවසන් වන විට, දිවයිනේ පාසල්වලින් 40% කට වැඩි ප්‍රමාණයකට ළඟා වෙමින්, ශ්‍රී ලාංකේය බහුජාතික සමූහයක් ලෙස මේ අභියෝගාත්මක අවස්ථාවේ රටේ අනාගත පරපුරේ අධ්‍යාපනික ගමන් මඟට දායක වීමට හැකිවීම ගැන ඔවුන් ආඩම්බර වන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division