Home » Daraz ඊ-වාණිජ වේදිකාවට Singer එක්වෙයි

Daraz ඊ-වාණිජ වේදිකාවට Singer එක්වෙයි

by gayan
December 9, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දැවැන්ත අන්තර්ජාල වෙළෙඳපොළක් වන Daraz උසස් තත්වයේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛ දේශීය සන්නාමයක් වන SINGER ශ්‍රී ලංකා සමඟින් පසුගියදා සහයෝගිතාවක් ඇති කරගන්නා ලදි. Daraz හා Singer අතර හවුල්කාරිත්වය මඟින් අන්තර්ජාල පාරිභෝගිකයන්ට වාරික ඉලෙක්ට්‍රොනික් උපකරණ හා එදිනෙදා භාණ්ඩ එකතුවක් පහසුවෙන් නිවෙසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලබා දෙයි. තවද පාරිභෝගිකයන්ට කඩිනමින් හා ආරක්ෂිතව නිවෙසටම බෙදාහැරීම සහතික කරමින් Daraz Expressහි විශ්වසනීය ලොජිස්ටික් සේවාවලින් හොඳම ප්‍රතිලාභ ලැබේ. මෙහිදී ගෙවීම් සිදු කිරීමේදී හවුල්කරුවන් විසින් නම් කරන ලද ණය සහ හර කාඩ්පත් සඳහා ආකර්ෂණීය වට්ටම්, මාසික වාරික වශයෙන් ගෙවීම් පහසුකම් සහ Koko විසින් සපයන Daraz Pay Later හරහා පසුව ගෙවීමේ ක්‍රම සමඟින් විසඳුම් රැසක ප්‍රවේශයක් ලබා දෙයි. SINGER ශ්‍රී ලංකා PLC ලෙස, Daraz සමඟ අත්වැල් බැඳගැනීම සමගම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකුට එක් වී පාරිභෝගිකයන්ට යහපත් සේවාවක් සැපයීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වෙන බව සිංගර් ශ්‍රී ලංකාහි ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන අදහස් දක්වමින් පවසයි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division