Home » NSBM Business Dialogue සහයෝගිතා හමුව

NSBM Business Dialogue සහයෝගිතා හමුව

by gayan
December 9, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NSBM හරිත විශ්වවිද්‍යාලය විසින් සංවිධාන කළ “Business Dialogue සහයෝගිතා හමුව” ඉකුත් 1 වැනිදා හෝමාගම පිටිපන NSBM ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙරට අනාගත සංවර්ධන ගමන් මඟ පෝෂණය කිරීම උදෙසා විවිධ ක්ෂේත්‍ර එක් වන සහයෝගිතා පවුරක් ගොඩනැඟීමේ අරමුණින් මෙම හමුව සංවිධාන කෙරුණු අතර එදිනම “Business Dialogue” සඟරාවේ නවතම කලාපය ද නිල වශයෙන් එළිදැක්විණි.

NSBM හරිත විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතම ප්‍රකාශනය වන “Business Dialogue” සඟරාව ශාස්ත්‍රීය දැනුම සහ ප්‍රායෝගික ව්‍යාපාර භාවිත අතර සහයෝගිතා පෝෂණය කිරීමට විශ්වවිද්‍යාලයේ ඇති කැපවීම පිළිබිඹු කරන ප්‍රමුඛ ක්‍රියාංගයකි. මෙම විද්වත් හමුවේ ප්‍රධාන තේමාව වූයේ “ශ්‍රී ලංකාවේ ඉදිරි මාවත” යන්නයි. එහිදි තිරසර සංවර්ධනය කරා රට මෙහෙය විය යුතු ආකාරය පිළිබඳ අගමැති ලේකම් අනුර දිසානායක සහ ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සහ දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට්හි සභාපති දිලිත් ජයවීර විසින් හරවත් දේශන දෙකක් පවත්වන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division