Home » සතියේ කලද‍වස

සතියේ කලද‍වස

by thanushika
December 2, 2023 12:30 am 0 comment

මේෂ – ගෘහ දිවියේ සතුට

සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සතුටුදායකය. අවිවාහකයනට ප්‍රේම බැඳීම් ඇති වේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකි ආර්ථික ශක්තියක් පෙන්නුම් කෙරේ. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ගමන් බිමන් අධික නවක මිතුරු මිතුරියන් හමුවන කාලයකි. ආමාශගත අසනීප ඇති කරයි. අපල අවම වීමට කුසගින්නේ සිටින කෙනෙකුට, සතෙකුට ආහාර වේලක් දෙන්න.

සුබ අංක – 5, 7, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – දරුවන්ගේ කටයුතුවලට සුබපල

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් හරහාය. උසස් සිතුවිලි සහිතව ගෙදරදොර කටයුතු පිළිවෙළකට කරගෙන යයි. අලංකාරය පිණිස මහත් වෙහෙසක් දරයි. දරුවන්ගේ ඉගෙනීම මෙන්ම සියලු යහපත් බලාපොරොත්තුවලට සුබ සතියකි. ඇවිදිලි අධික වේ. රැකියා, ව්‍යාපාරවලින් ආදායම් ඉපයීමට හැකි අතර වෙනත් ලාභ ප්‍රයෝජන ද පෙන්වයි. අසනීප අපල පවතින බැවින් චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 6, 11, සුබ වර්ණ – ක්‍රීම්, රෝස, සුබ දවස – බදාදා, සිකුරාදා

මිථුන – රැකියා ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. කරන කියන රැකියා‍, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබිය හැකි අතර ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. පවුලේ බැඳීම් වර්ධනය වේ. උවමනා කරුණු සඳහා අතමිට දිගහැර වියදම් කරයි. නිවස තුළ අලංකාරය වෙනුවෙන් වැඩි වෙහෙසක් කැප කරන සතුට සැනසීම ගෙන දෙන සතියකි. අපල අවම වීමට රෝගී අයට උදවු උපකාර කරන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක – අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් මතනි. සහෝදර දෙමාපිය ආදින්ගෙන් උදවු උපකාර ලබන අතමිට සරු සතියකි. ඕනෑම අවස්ථාවක ප්‍රධානත්වය ගෙන කටයුතු කරයි. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ සුවිශේෂී දක්ෂතා මතු කරයි. රැකියා සඳහා ඇවිදිලි වැඩි වුවද ආදායම් ලබයි. අසනීප අපල සහ දුර ගමන් ද යෙදේ. අපල අවම කරගැනීමට උදෙන්ම සුදු මල් බුදුන්ට පූජා කර පැන් වීදුරුවක් තබන්න.

සුබ අංකය – 7, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා

සිංහ – කීර්ති ප්‍රශංසා හිමි වේ

සඳු ගමන් ගන්නේ ලග්නය දෙවැන්න තුන්වැන්න මතිනි. සහජ හැකියාවන්ට ඉඩකඩ ලැබෙන ඒවායින් ලාභ ප්‍රයෝජන හිමි වන සතියකි. උත්සාහය කැපවීම ඇත. ප්‍රධානත්වය ගනී. කීර්තිය ප්‍රශංසාව ගරුත්වය හිමි වන කටයුතුවලට සහභාගී වීමේ අවස්ථා උදාවේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකි පුණ්‍ය සිතුවිලි පල දරන සතියකි. අපල අවම වීමට පිළිකා රෝගීන්ට උදවු උපකාර කරන්න.

සුබ අංකය – 4, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා

කන්‍යා – බුද්ධිමතුන්ගේ ඇසුර

සඳු ගමන් කරන්නේ 12, 1 සහ 2 වැන්න මතිනි. ආරම්භය ගැටලුකාරී විය හැකි වුවත් ඉන්පසු කාලය යහපත්ය. උසස් උගත් අයගේ ඇසුර හිමිවන අතර ගෘහ ජීවිතය තුළ මහත් කැපවීමකින් කටයුතු කරයි. අතමිට මිල මුදල් ගැවසේ. තමාගේ වචනයට අන්‍යයන්ගේ පැහැදීම ඇති කරයි. උපක්‍රමශීලීව රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ලබයි. අපල අවම වීමට කුඩා දරුවන්ට ආදරය රැකවරණය කරුණාව දක්වන්න.

සුබ අංකය 7, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

තුලා – දරුවන්ගේ අධ්‍යාපන දියුණුව

සඳු ගමන් ගන්නේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිත වේ. එසේ වුවද සතියේ මැද වියදම් වැඩි වන කටයුතු යෙදේ. කෙසේ වුවද සමාජයේ ප්‍රියමනාප පුද්ගලයකු ලෙස අන්‍යයන්ගේ සුහදත්වය දිනාගනී. රැකියා, ව්‍යාපාරවලට සුබදායක වේ. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් මට්ටමක පවතී. අපල අවම වීමට වකුගඩු රෝගීන්ට උදවු කරන්න.

සුබ අංකය – 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – සෙනසුරාදා

වෘශ්චික – රැකියා ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා සඳහා ඇවිදිලි වැඩි වේ. එසේ වුව ද ඒවායින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ගෙදරදොර කටයුතු සහ දරුවන්ගේ අවශ්‍යතා හොඳින් ඉටු කරයි. සතියේ අග වියදම් අධික හෝ හිතවතකු නිසා පාඩුවක් සිදුවිය හැකි අවස්ථා මතුවේ. මුදල් ගනුදෙනු මිතුරු ඇසුරේදී කල්පනාකාරී වන්න. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංශව බෝධිපූජා තබන්න.

සුබ අංකය – 5, සුබ වර්ණය – රතු, සුබ දවස – බ්‍රහස්පතින්දා

ධනු – පුණ්‍ය කටයුතුවලට නැඹුරුවක්

සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබට යහපත උදා කරයි. සාමාජීය සහ පොදු කටයුතුවලට උදවු උපකාර කරමින් දානමානවලට ද සහභාගී වීමේ අවස්ථා මතු කර දෙයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන ගෘහ ජීවිතය සතුටින් ගෙවෙන සතියකි. අපල අවම කර ගැනීමට කහපාට මල් බුදුන්ට පූජා කර දෙවියන්ට පින් දෙන්න.

සුබ අංකය – 8, සුබ වර්ණය – කහ, සුබ දවස – ඉරිදා

මකර – රැකියා අංශවල දියුණුව

සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සුබ නොවේ. කනගාටුදායක පුවත් අසන්නට ලැබේ. ඉන්පසු දින කීපය යහපත් වේ. රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. පුණ්‍ය කටයුතු සඳහා සහභාගිත්වය ඇති කරයි. ගමන් බිමන් වැඩි වන අතර දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් වේ. අපල අවම කර ගැනීමට පක්ෂීන්ට ආහාර දෙන්න.

සුබ අංකය – 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – දරා ගැනීමේ ශක්තිය උපදී

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. සාමාජීය වශයෙන් පොදුවේ අන්‍යයන්ට උදවු උපකාර කරමින් තම රාජකාරිය ද හරිහැටි ඉටු කරයි. අධික වෙහෙස නිසා අසනීප ගති ඇතිවීමට ඉඩ ඇති බැවින් විවේකයක් ගන්න. ඉවසීමේ ගුණය නිසා චිත්ත වේගයන් පාලනය කර ගැනීමේ හැකියාව ඇත. කනගාටුදායක පුවත් කන වැකීමට පුළුවන. ආර්ථිකය සාමාන්‍ය මට්ටමක පවතී. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර, ජලය දෙන්න.

සුබ අංකය – 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – පොදු කටයුතු සඳහා යොමු වේ

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙන සාමාජීය කටයුතු සහ පොදු වැඩවලට උදවු උපකාර ලබා දෙන සතියකි. මිල මුදල් තත්ත්වය පහත නොවැටේ. එහෙත් අපල අසනීප අඩු නැත. මානසික නිරවුල් භාවය ද නැත. බ්‍රහස්පතින්දා දිනය නිර්මාංශව බෝ පත්‍ර අතින් අහුලා බෝ මළුව අමැද බෝධියට පැන් බඳුනක් දමන්න.

සුබ අංකය – 3, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division