Home » සිතුම් පැතුම් ඉක්මනින් ඉටුවන කෙම් මන්ත්‍රය දැනගන්න !

සිතුම් පැතුම් ඉක්මනින් ඉටුවන කෙම් මන්ත්‍රය දැනගන්න !

by thanushika
December 2, 2023 12:33 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

 

මන්ත්‍රය :-

ඕං හ්‍රීං අං ඕං ඕං සරවන භාවය

නමෝ තිලක තිලක ඒස්වාහඃ

සම්මුඛ පරීක්ෂණයට, තරග විභාගයට, රැකියාවට ඉල්ලුම් පත්‍ර දැමීමට ලිපියක් ලිවීමට, නඩුවට යන විට මේ මන්ත්‍රය 9 වරක් කියා පිටත්වන්න. ජය සිකුරුය.

මන්ත්‍රය :-

ඕම් මනිපද්මේ හුම්

සිතුම් පැතුම් වහාම ඉටුවේ. තෙරුවන් නැමද කියන්න.

මන්ත්‍රය :-

ඕං නමෝ ත්‍රිපාමේස්වහඃ

උදේ ඇඳෙන් නැගිටින ගමන් 21 වරක් කියා දවසේ වැඩ සාර්ථක කර ගන්න. සූර්ය කාල වශී ආකර්ෂණයකි.

ඉරුවාරදයට කෙමක් :-

ඉරිදා දිනක ඉර පෑයීමට පෙර මුරුංගා ගසක් අසලට ගොස් ගසට වැඳ පිහියෙන් බස්නාහිරට ගිය පොත්තක් ගලවාගෙන දෙහි ඇඹුලෙන් ගලගා නළලේ ගාන්න. ඉරුවාරදය වහා සුව වේ.

උඳුගොව්වා කෑමට :-

දේවදාර කෑල්ලක් දෙහි ඇඹුලෙන් ගලගා කතා නොකර ගාන්න.

මන්ත්‍රය :-

ඕං ත්‍රිකෝණ්ඩු මුලි මුක්කා පාඩා ආකුට ගිනිලා වන්දා වන්දා ඕඩු ඕඩු වාකා ගිනි ජාකා බඃ

දෙහි ගෙඩි තුනක් ගෙන මතුරා ගන්න. 21 වාරයක් දෙහි ගෙඩි පාගා ගමන පිටත්වන්න. වැඩ කටයුතු කරදරයක් නැතිව සාර්ථකව සිදු වේ. මුදලක් ණයට ගැනීමට ගියහොත් එය පහසුවෙන් කරගත හැකිය. මුදල් පිළිබඳ කෙම් මන්ත්‍රයකි.

මංගල යෝජනා සාර්ථක වීමට :-

ඕං නමෝ සංකර කාලී

කාලීසංකර මාලි ඒහිස් ඒස්වාහඃ

බුලත් කොළයට මතුරා මනාලිය බැලීමට ගිය වේලාවේ එය සපා බුලත් හේප්පුව අතට ගන්න. විවාහ යෝජනාව සාර්ථක වේ.

ගෙදර සාමය ඇති වීමට :-

ඕං ප්‍රිය නාරී ප්‍රියං භගවතී ප්‍රියං

සුන්දරී මුනි මුනි තාරේ තාරේ

සර්වන්න වසං කුරේ ස්වහාඃ

නිතර දබර වන, ගෙදර සාමය නැති, පවුලේ අවුල් වී ඇත්නම් මේ මන්ත්‍රයෙන් වතුරට මතුරා දින තුනෙන් තුනට ඉසින්න.

මන්ත්‍රය:-

ඕං හ්‍රීං කාලිං මහා ලක්ෂ්මි ඒහි ඒහි සර්ව සෞභාග්‍යම් දේහි මේ ඒස්වාහඃ

කහ දියරවලට 21 වරක් මතුරන්න. පසුව කහ දියර දෙහි අත්තෙන් ගෙන බිම සැම තැනම ඉසින්න. වහා අතට සල්ලි ලැබේ. වෙළෙඳාම දියුණු වේ. ගැණුම්කරුවන් තමා වෙත එනු ඇත.

මන්ත්‍රය :-

ඕං ආං අං ඉං ඊං ඌං ඌං සෘං සෘං එට් ඩ්ං හ්‍රීං ක්ෂි මෝහස නමඃ

සුවඳ ධූපය – කී කිරිදිය, වදකහ, සැවැන්දරා මුල්, සෙංකොට්ටං ජටාමාංශ, සුදු හඳුන්, රත් හඳුන්, ඊතණ, නාමල් රේණු, නෙළුම් රේණු, අගිල් තුවරලා, එන්සාල් කුඩුවලට සාම්බ්‍රාණි මිශ්‍රකර 108 වර මතුරාගෙන උදේට දුම් අල්ලන්න. ගොවිතැන සරු වේ. ඉඩම් විකුණා ගැනීමට හැකිවේ. ව්‍යාපාර දියුණුවේ. නඩුහබවලින් ජය අත්වේ.

මන්ත්‍රය :-

නමොශ්‍රීකන්‍යා තුරේස්වාහං

වතුර බඳුනකට 21 වරක් මතුරා වෙළෙඳාම කරන්න. අතට වහා මුදල් වැඩිපුර ලැබේ.

මන්ත්‍රය :-

නමෝ සිද්ධ ලෝවතී

සර්වස්තිනේ විනේස්වහඃ

මේ මන්ත්‍රය නිතර සිහි කරන්න. තමන්ගේ දවසේ ආදායම වැඩි වේ. සෑම ගැණුම්කරුවෙක්ම තම වෙළෙඳාමට වශීවේ.

මැදිවියේ අය තරුණ වීමට :-

ඕං ජලනලකාමදේවි ආරණ මල් මදහි රූප

කාමිනී ආවේ සුං සැරමල් මදන දේවි

ඒහි වරවර කට්ටි කට්ටී ඒස්වාහඃ

දෙගොඩ හරිවියේ කාන්තාවන්ට තම රූ සපුව තව තවත් ලස්සන කරගැනීමට සුදු හඳුන් වතුර බඳුනකට මන්ත්‍රයෙන් ජප කරගෙන 21 වරක් ශරීරයේ දෙහි අත්තෙන් ගාන්න. එන්න එන්නම ලස්සන වේ. මුළු සිරුරම ලස්සන වේ. චිත්තරූප මවා ගන්න. තමා ලස්සන යැයි සිතන්න.

මන්ත්‍රය :-

ඕං රාජදානේස්වහඃ ඕං රාජ ගුරු රාජ නීල පේයන් වරට යේස්වාහඃ

රන්තැඹිලි තෙල්, සුදු හඳුන් තෙල් මිශ්‍රකර මේ මන්ත්‍රය 108 වරක් හෝ 1080 වර මතුරාගෙන සුරයක දමා අවශ්‍ය ගමන රැගෙන යන්න. සාර්ථක වේ. හොඳ වැඩවලට පමණි.

මන්ත්‍රය :-

ඕං අයිං හ්‍රීං හ්‍රීං ධනං කුරු කුරු ඒස්වාහඃ

බෝධියක් නැමද මෙම මන්ත්‍රය 108 වරක් කියන්න. ඔබේ සියලුම යහපත් වැඩ සාර්ථක වේ.

මත්පැන් නැවැත්වීමට :-

ඕං ආං ප්‍රේං ශ්‍රීං රාක්ෂා පත්‍රෙ පෝං

පක්ෂි ඒස්වාහඃ

බ්‍රහස්පතින්දා දිනක සවස 6.27ට ඌරු තෙල්වලට මතුරා යටි පතුලේ ගාන්න.

මන්ත්‍රය :-

ඕං නමඃ ශ්‍රීවාය.

මේ මන්ත්‍රය 1000 වර ජප කරන්න. දවසේ ඔබේ සියලුම වැඩ කටයුතු අකුරටම සාර්ථක වේ. දිනපතා 21 වර බැගින් කියන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division