Home » සාර්ථක විවාහයකට රවි සහ සඳුගේ ග්‍රහ තත්ත්වය වුවමනාමයි

සාර්ථක විවාහයකට රවි සහ සඳුගේ ග්‍රහ තත්ත්වය වුවමනාමයි

by thanushika
December 2, 2023 12:30 am 0 comment

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විදුහල්පති,
උපුල් ජය ශ්‍රී ද සිල්වා

විවාහයකදී පොරොන්දම් බැලීම අනිවාර්යයෙන්ම වාගේ සිදු කරන කටයුත්තකි. විසි පොරොන්දමෙන් වැඩි පොරොන්දම් ප්‍රමාණයක් ගැළපීම සහ කුජ දෝෂය නොමැති වීම හෝ දෝෂ භංග වීම, 7 වැන්නෙහි ග්‍රහ පිහිටීම් ආදි කරුණු නිසා විවාහය නිර්දේශ කිරීම අප රටේ පවතින සාමාන්‍ය ක්‍රමයයි. නමුත් සාර්ථක විවාහ විනිශ්චයේදී රවි සහ සඳුගේ ග්‍රහ තත්ත්වය ද සලකා බැලිය යුතුය.

කේන්දරවලින් ස්ත්‍රී කේන්දරය චමිලාටත් පුරුෂ කේන්දරය කුසල්ට අයත් ලෙස මනඃකල්පිත යොදමු. මේ දෙදෙනා විවාහ දිවියට පිවිසියේ මංගල යෝජනාවක් අනුවය. පොරොන්දම් බැලීමේදී විසි පොරොන්දම්වලින් 14ක් ශුභ වීම නිසාත් කුජ දෝෂය භංග වී ඇති නිසාත් විවාහය සඳහා පොරොන්දම් ගැළපීම අනුමත කර ඇත. එහෙත් විවාහ වී අවුරුදු එකහමාරක් ගත වන විට පළමු දරු උපතේදී උපන් පිරිමි දරුවා දින කීපයකින් මියගියේය. දෙදෙනා අතර නිතර රණ්ඩු සරුවල් ඇති විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ විවාහයෙන් වසර තුනක් ගත වූ විට දෙදෙනා දික්කසාදය සඳහා උසාවි පිළිසරණ පැතීමය.

ස්ත්‍රී කේන්දරයේ ලග්නයේ චන්ද්‍රයා සිටී. 11 වැන්නේ සිටින ශනිගේ දෘෂ්ටියට සඳු වැටී ඇත. එහෙයින් පුරුෂ කේන්දරයේ චන්ද්‍රයා සමඟ කුජ සංයෝගව සිටී. එමඟින් සඳු පීඩාවට ලක් වේ. තවද පුරුෂ කේන්දරයේ කුජගේ දෘෂ්ටියෙන් 5 වැන්නේ සිටින රවි ද පීඩාවට පත්ව ඇත. මේ අනුව මෙම කේන්දර දෙකේ ස්ත්‍රී කේන්දරයේ චන්ද්‍රයා පීඩාවට පත්ව ඇති අතර පුරුෂ කේන්දරයේ රවි සහ කුජ යන ග්‍රහ යුවළ පීඩාවට පත් වී තිබේ. මෙය විවාහය අසාර්ථක වීමට හේතු වන ග්‍රහ තත්ත්වයකි. එය එසේම සිදු විය.

පොරොන්දම් බැලීමේදී ශුභ පොරොන්දම් සහ කුජ දෝෂය ගැන විමසීමක් නොකිරීම නිසා මෙම විවාහය අසාර්ථක වීමට හේතු වූ බව මේ අනුව සනාථ වේ. ස්ත්‍රී පුරුෂ කේන්දරවල දෙදෙනාගේම රවි හෝ සඳු පීඩා වී සිටී නම් එම විවාහය සාර්ථක නොවේ.

පාප ග්‍රහයන් වූ කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් සමඟ රවි හෝ සඳු යෝග වී හෝ පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් වීම නිසා සිදු වන පීඩා වීම් තුළින් විවාහයක් අසාර්ථක වන අන්දම මේ සමඟ පළ කර ඇති චමිලා හා කුසල්ගේ ස්ත්‍රී පුරුෂ කේන්දර දෙකෙන් මනාව පැහැදිලි වේ.

You may also like

Leave a Comment