Home » ඔබේ අනාගතය දීප්තිමත් කරන මී වදය සහ මී මැස්සෝ

ඔබේ අනාගතය දීප්තිමත් කරන මී වදය සහ මී මැස්සෝ

by thanushika
December 2, 2023 12:30 am 0 comment

1. කුඹුරක් මැදින් නියරක් මතින් ගමන් කිරීම – තමන්ගේ බලාපොරොත්තු සාර්ථක වේ. එසේ නැත්නම් යාමට නියමිත ගමනින් බලාපොරොත්තු වූ දේවල් ලැබේ.

2. වක්කඩක වතුර ගලා යන අයුරු දැකීම – හදිසි ධන ලාභයක් නොවුණත් තමන්ට ලැබෙන්නට නියමිත මුදලක් ලැබේ.

3. වක්කඩක කුඩා මසුන් පීනා යන අයුරු දැකීම – ඔබ බලාපොරොත්තු වූ දේවල් ලැබේද නොලැබේද යන්න ස්ථිර නැත.

4. වල් වැදුණු කුඹුරක් හෝ කුඹුරු යායක් – ඔබට අරමුණු කරා ළඟාවන්නට පුළුවන. එහෙත් එය හිතන තරම් පහසු නැත.

5. පන් වැවුණු වගුරු බිමක් – ඔබේ ක්‍රියාවක් හේතුවෙන් දබරයක් හට ගැනීම.

6. පැදුරු වියන ස්ත්‍රියක් – තමන්ගේම ක්‍රියාවක් නිසා පවුලේ මහත් වූ අවුල් වියවුල් හටගන්නට පුළුවනි.

7. ගෙමිදුල අතුගාන ස්ත්‍රියක් – ඔබේ නිවසට අමනුෂ්‍ය බැල්මක් පවතී.

8. ස්ත්‍රියක් ළිප ගිනි දැල්වීම – අඹුසැමි ආරවුලක් දුරදිග යන ලකුණු

9. උඩු බුරන බල්ලෙක් – තම සමීපතම මහලු ඥාතියෙකුට විපතකි.

10. මහලු ස්ත්‍රියක් හඬනගා සිනාසෙන අයුරු – තම සමීපතම ඥාතියකුගේ මරණය සිදු වේ.

11. මී වදයක් සහ මී මැස්සන් – ඉදිරිය සතුටුදායකය.

12. බඹර වදයක් සහ බඹර මැස්සන් – කරදර නිසා හිතට නිවනක් නැති කාලයකි.

13. දෙබර වදයක් සහ දෙබර මැස්සන් – ඔබට හෝ සමීපතමයකුට අංශභාගය වැනි රෝගයක් වැළඳීමට ඉඩ තිබේ.

14. පුස්කොළයක ලියන ලද හඳහනක් – ඔබට උදාවී ඇත්තේ බලවත් අපල සහිත කාල පරිච්ඡේදයකි.

15. ගොනෙකුට ලාඩං ගැසීම – හඳහන පරීක්ෂා කරවන්න. සෙනසුරු මහා දශාව හෝ ඒරාෂ්ටක අපලයක් යෙදී ඇත.

16. කිරි ගොටුවක් – දෙවියන්ට වූ බාරයක් අමතක කර ඇත.

17. සුදු හාල් – පොරොන්දු කඩකිරීමක් නිසා විශාල අලාභයක් සිදුවනු ඇත.

18. රෙදිවැලක් – තමන්ගේම ක්‍රියාවක් නිසා නින්දාවට පත්වේ.

19. පොල් පැළයක් – නිවසේ සිටින සුරතල් සතෙකුට විපතක් සිදු වේ.

20. රාජ්‍ය නායකයෙක් නිවසට පැමිණීම – පවුලේ ප්‍රශ්නයක් දුරදිග යාමට පුළුවන.

21. කොහොල්ලෑ පයට පෑගීම – පවුලේ ගැහැනු කෙනකුට තදබල ලෙස ඇස්වහ කටවහ සිත්වහ වැදී ඇත.

22. දිරාපත්වූ ලොකු හෝ කුඩා පෙට්ටියක් – නිවස අලුත්වැඩියා කරන්නට කරුණක් යෙදේ.

23. මෙරු මතුවන අයුරු – ආර්ථික ගැටලු රැසක් මතු වේ.

24. පිලයක් සහිත විශාල ගසක් – ඔබේ සමීපතමයකුට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇත.

25. ගෙඩි පිරුණු පුහුල් වැලක් – යම් කෙනෙක් ඔබට විපතක් කරන්නට මාන බලමින් සිටී.

26. ජලය නැති ළිඳක් – ලාභයක් බලාපොරොත්තු වූ නමුත් විශාල අලාභයක් සිදුවේ.

27. දෙපා අහිමි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් – මෑතකදී හමුවූ මිතුරා හෝ මිතුරිය ඔබට විපතක් කරනු ඇත.

28. හිස පීරන ස්ත්‍රියක් – විශාල පිරිසක් ඔබෙන් දුරස්වන විදියේ දෙයක් සිදු වේ.

29. ගොඩපර ගසක් සහ ගොඩපර ගෙඩි – ඔබට දරුණු සමේ රෝගයක් වැලඳෙනු ඇත.

30. රෝහලක් හෝ පාසලක් – ඔබේ බලාපොරොත්තුව සපලවනු ඇත.

31. බොර වතුර පිරුණු භාජනයක් – සමීප ඥාතිවරියකගේ අකල් මරණයක් ගැන අසන්නට ලැබේ.

32. දිරාපත් වූ අල්මාරියක් – තමාගේ හෝ පවුලේ රහසක් එළි වේ.

33. කටුස්සා, බෝදිලිමා, බොහොඩා – වහාම විමසිලිමත් වන්න. යමෙකු ඔබව නීච කිරීමට විනයක් කරනවා ඇත.

34. සියඹලා ගසක් සහ සියඹලා කරල් – ආහාර ගැනීමේදී ප්‍රවේශම් වන්න. ඔබේ ආහාරයට යමක් එකතු කරන්නට සමීපතම අයෙක් සූදානමින් සිටී.

35. රතුපාට මල් හෝ ගින්දර – තදබල සතුරු ක්‍රියාවක් ඔබට එරෙහිව ක්‍රියාත්මක වේ.

36. පොකුණකට ලිස්සා වැටීම – ඔබේ බලාපොරොත්තු ඉටුවේ.

37. පුවක් මලක් – ඇස්වහ කටවහ දෝෂ පවතී.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division