Home » අල්ලේ දැල් සලකුණ හෙළිකරන ජීවිත කතාව

අල්ලේ දැල් සලකුණ හෙළිකරන ජීවිත කතාව

by thanushika
December 2, 2023 12:31 am 0 comment

අල්ලේ පිහිටන රේඛා අනුව කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිවා සේම අල්ලේ දැකිය හැකි සුවිශේෂ ලකුණුවලින් ද කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිය. ඒ අයුරින් බොහෝ දෙනකුගේ අත්වල පිහිටන එවැනි සුවිශේෂ සලකුණු ඔවුන්ගේ ජීවිතවලට සුබ හෝ අසුබ පල ගෙන දීමට සමත් වෙයි. මේ එවැනි සලකුණක් පිළිබඳවය. ඒ අත්වල පිහිටන දැල් සලකුණය. අල්ලේ මෙම සලකුණු පිහිටි ස්ථාන අනුව ජන්මියාට ලැබෙන සුබපල හෝ අසුබපල කෙසේදැයි මෙවර විමසා බලමු.

දැල් සලකුණ මණ්ඩල මත

1. අංක 1න් දක්වා ඇති පරිදි ගුරු මණ්ඩලය මත දැල් සලකුණ සුබ නොවේ. එමඟින් ඔහුගේ හෝ ඇගේ විවාහ ජීවිතය අසාර්ථක වන බව පෙන්නුම් කරයි. අශෝභන ක්‍රියාවන්ට ද යොමුවිය හැක.

2. මොන යම් ක්‍රමයකින් හෝ ජීවිතය අවාසනාවන්ත බව ශනි මණ්ඩලයේ පිහිටි එම දැල් සලකුණෙන් ප්‍රකාශ වෙයි. දුකින් පිරි කල් යවන්නකු වේ.

3. මානසික රෝග වැලඳීමට හේතු වන බැවින් රවි මණ්ඩලය මත දැල් සලකුණ අසුබය. අල්ලේ වෙනත් සුබ ලක්ෂණ පිහිටියහොත් අසුබ තත්ත්වයන් අවම විය හැකිය. අහංකාර ගති ලක්ෂණ ද දැල් සලකුණෙන් පෙන්නුම් කරයි.

4. සියදිවි හානිකර ගැනීමට සිත් යෙදෙන අයගේ බුධ මණ්ඩලය මත දැල් සලකුණ පිහිටයි. ව්‍යාපාර කටයුතු බිඳ වැටීමට ද හේතු වේ. නිතර වෙනස් වන වංක ගතිගුණ ඇති අයකු වේ.

5. දාමරික ක්‍රියා නිසා සිරගත වීමට සිදුවන අයගේ අත්වල මෙම දෙවැනි කුජ මණ්ඩලයේ දැල් සලකුණ පිහිටයි.

6. චන්ද්‍ර මණ්ඩලය මත දැල් සලකුණ වැටීම පිරිමියකුගේ මුත්‍රාශයේ හෝ අක්මාවේ ආබාධ හට ගැනීමටත්, ගැහැනියකගේ නම් ගර්භාෂයේ හෝ පියයුරුවල ආබාධයන් හට ගැනීමටත් හේතු වෙයි.

7. සිකුරු මණ්ඩලය මත දැල් සලකුණ රාගාධික බව පෙන්නුම් කරන අතර ඒ නිසා දරුණු ලෙඩ රෝග ද ඇතිවිය හැකිය. සමාජයේ අගෞරවයට ද හේතු වේ.

8. මෙම ස්ථානය පළමු කුජ මණ්ඩලයයි. එහි දැල් සලකුණ පිහිටීම අවි ආයුධවලින් මරණය සිදුවන බව පෙන්නුම් කිරීමකි. හේ සටන්කාමී ද වේ.

9. මහපට ඇඟිල්ලේ මුල් පුරුකේ දැල් සලකුණ සුබ නොවේ. එමඟින් දිළිඳු භාවය ප්‍රකට වේ.

10. විනෝදය සඳහා පෙම්වතියන් ආශ්‍රය කරන අයගේ අල්ලේ මැද (කුජ තලාව මත) දැල් සලකුණ තිබිය හැක.

11. මහපටඟිල්ලේ මැද පුරුකේ දැල් සලකුණ තමන්ට හිමි පාරම්පරික දේපළවලට අවුල් වියවුල් ඇති බව ප්‍රකාශ වේ.

12. දබරඟිල්ලේ මුල් පුරුකේ දැල් ලකුණෙන් අහංකාර අයෙකු හඳුනාගන්න.

13. තම රැකියාවේ නිතර ආරවුල් ඇතිවන අයගේ දබරඟිල්ලේ මැද පුරුකේ දැල් සටහන් පිහිටයි.

14. දබරඟිල්ලේ තුන්වන පුරුකේ දැල් ලකුණ ගිනි, ජල, සුළං ආදී ස්වාභාවික හේතුන් මත තමන් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ පායි.

15. මැදඟිල්ලේ ඉහළ පුරුකේ දැල් සලකුණු යාචකයන්ගේ අත්වල පිහිටිය හැකිය.

16. කනේ ආබාධ ඇති අයගේ මැදඟිල්ලේ මැද පුරුකේ දැල් සලකුණු තිබිය හැක.

17. මොන යම් ක්‍රමයකින් හෝ සිදුවන අකල් මරණයක් පෙන්වයි.

18. වෙදඟිල්ලේ ඉහළ පුරුක කුමන විදියේ වැඩකට අත ගැසුවද බාධකයක් වෙනවාමය.

19. අංශභාගය වැනි එක්තැන් වීමට සිදුවන අසනීප සෑදීමට හේතු වේ.

20. සුළැඟිල්ලේ මුල් පුරුක නහර පිපිරීමකින් මරණය සිදුවන බව ප්‍රකට කිරීමකි.

21. හේතුවක් ඇතිව හෝ නැතිව තමන්ගේ මිතුරන් සතුරු වෙයි.

22. ඉගෙනීමේ කටයුතුවලට බාධාවන් ඇතිවේ.

23. ව්‍යාපාර කටයුතුවලින් පාඩුවට පත්වන අයගේ සුළැඟිල්ලේ පහළ පුරුකේ දැල් සලකුණ වේ.

රේඛා මත දැල් සලකුණ

ජීවන රේඛාව මත දැල් සලකුණ කල් පවතින නිදන්ගත රෝගවලින් පෙළෙන අයගේය.

ශීර්ෂ රේඛාව මත දැල් සලකුණ පිහිටන්නේ හිසට සම්බන්ධ රෝගවලින් පෙළෙන අයගේය.

හෘදය රේඛාව මත දැල් සලකුණ හෘදයාබාධ ඇතිවීමට මෙන්ම හෘදය වස්තුවේ සිදුවන ශල්‍යකර්ම ආදියටත් හේතු වේ.

දෛව රේඛාව මත දැල් සලකුණක් ඇත්නම් එම රේඛාවට අදාළ වයස් සීමාවේදී හෝ ඔහුගේ හෝ ඇගේ ආර්ථික තත්ත්වය බිඳ වැටේ.

කීර්ති රේඛාවේ දැල් සලකුණත් අසුබය. නීති විරෝධී, සමාජ විරෝධී වැඩ නිසා සමාජයේ අගෞරවයට ලක්වේ.

සුඛ රේඛාවේ දැල් සලකුණ අක්මාවේ හෝ ආමාශයේ රෝගවලට හේතු වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division