Home » ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහය පස්වැනි වරටත්

ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහය පස්වැනි වරටත්

by gayan
December 2, 2023 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩව 5 වැනි වරටත්, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමඟින් සිය සහයෝගීතාව ලබා දීමට කටයුතු කර ඇත. ඒ් අනුව AIA, 2019 වසරේ සිට අලෙවි කරන්නා වූ සෑම රක්ෂණ ඔප්පුවකින්ම රු.100/-ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කෙරේ.. ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම, AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර සහ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න ගේ ප්‍රධානත්වයෙන් මේ වසරේ මුල් භාගයේ දී පැවති පිළිකා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී සිදු කෙරිණි.

පසුගිය වසර කිහිපය පුරාවට, ශ්‍රී ලංකා පිළිකා සංගමය මඟින් සමාජය වෙත සිදුකරන කාර්යභාරය වෙනුවෙන් AIA හි මෙම මුදල් පරිත්‍යාගය මහත් පිටුවහලක් බවට පත්ව ඇත. පිළිකාව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු ප්‍රශ්නයක්ව පවතින වාතාවරණයක් තුළ AIA වෙතින් ලබා දෙන මෙම පරිත්‍යාග ඔස්සේ අසරණ පිළිකා රෝගීන්හට සාත්තු කිරීම මෙන්ම ඔවුනට මානසික සහනය ලබා දීම සිදුකරන අතර ශීග්‍ර ලෙස වැඩිවෙමින් පවතින පිළිකා රෝගය වළක්වා ගැනීම සහ ඒ සඳහා ප්‍රතිකාර කරගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද සිදු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division