Home » SPARKS හරහා යුනිලිවර් ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සවිබල ගන්වයි

SPARKS හරහා යුනිලිවර් ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සවිබල ගන්වයි

by gayan
December 2, 2023 12:30 am 0 comment

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම “SPARKS” 10 වැනි අදියරේ ශිෂ්‍ය තානාපතිවරුන් කණ්ඩායම පිළිගැනීමේ වැඩසටහන පසුගියදා සංවිධානය කරන ලදී. මෙම ශිෂ්‍ය තානාපති කණ්ඩායම සඳහා විශ්වවිද්‍යාල 10ක් නියෝජනය කරමින් උපාධි අපේක්ෂකයින් 26 දෙනෙකු ඇතුළත් විය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, මෙරට විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ නායකත්ව කුසලතා මෙන්ම ආත්මාභිමානය වර්ධනය කිරීම සහ සිය සම වයස් කාණ්ඩවල මිතුරු මිතුරියන් අතර ධනාත්මක බලපෑමක් නිර්මාණය කරන පුද්ගලයන් බවට පත්වීමට ඔවුන් දිරිගැන්වීමයි. මෙය ස්වේච්ඡා ශිෂ්‍ය තානාපති වැඩසටහනක් වන අතර තෝරාගත් උපාධි අපේක්ෂකයන් වසරක කාලයක් සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් ලෙස පත් කරනු ලබයි. මෙම වැඩසටහන 2014 දී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් ඇරැඹි අතර පසුව එය ලොව පුරා පිහිටි යුනිලිවර් ආයතන විසින් ද අනුමත කරන ලදී.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනී හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මෙම වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වූවාය. “මෙම වැඩසටහන දේශීය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා අපගේ කැපවීම පිළිබඳ හොඳම උදාහරණයක්. මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට තම ආයතනයේ නායකයින් ලෙස ඔවුන් සතු ශක්තිය හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටයි.”

SPARKS වැඩසටහන වෙනුවෙන් සහභාගී වන සිසුන්ගේ සේවා නියුක්තිය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ලබන අතර, ඔවුන්ට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ වෘත්තීන් වෙත පිවිසීමට ඒ හරහා අවස්ථාව උදාකර දෙනු ලැබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division