Home » සියැට් කැලණි සංවිධාන කළ අලෙවි නියෝජිත සම්මාන උලෙළ

සියැට් කැලණි සංවිධාන කළ අලෙවි නියෝජිත සම්මාන උලෙළ

by gayan
December 2, 2023 12:30 am 0 comment

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම ඉකුත් දා අලෙවි නියෝජිත සම්මාන උලෙළ පවත්වමින් ආයතනයේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් වෙත උපහාර පිරිනැමීය.ශ්‍රී ලංකාවේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් 125ක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වසර තුනක කාලයකට පසුව එක්වී ගෝලීය වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ඇතිවූ පීඩාකාරී බලපෑම් මැඩ පැවැත්වීම සඳහා ඔවුන් සිදුකළ ඒකාබද්ධ ප්‍රයත්නයේ මෙසේ සාර්ථකත්වය සැමරූහ.

දිවයින පුරා සිටින සියැට් අලෙවි නියෝජිතයින් අතුරින් හොඳම 10 දෙනා සමාගමේ කාර්ය සාධනය උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් සම්මාන ලබා ගත් අතර හොඳම අලෙවි නියෝජිතයින් 45 දෙනා හට විශිෂ්ටතා සම්මාන හිමිවිය. තවද, ටයර් කාණ්ඩ හතරෙන් ඒ ඒ කාණ්ඩයේ හොඳම ක්‍රියාකාරී නියෝජිතයින් අලෙවි නියෝජිත සමුළුවේදී විශේෂ පිළිගැනීමට ලක්විය.

හම්බන්තොට ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී මෙම දෙදින උත්සවය පැවැත්වුණේ කොළඹ පැවැති සියැට් කැලණි 25 වැනි සාංවත්සරික සැමරුම් උත්සවයේ දී මෙරට ජනාධිපතිතුමන්ගේ සහ දේශපාලන හා ව්‍යාපාරික ප්‍රධානීන්ගේ ප්‍රශංසා ලැබීමෙන් දින කිහිපයකට පසුව ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division