Home » බලශක්ති කළමනාකරණයට උපේන්ද්‍රාගෙන් නව්‍ය විසඳුම්

බලශක්ති කළමනාකරණයට උපේන්ද්‍රාගෙන් නව්‍ය විසඳුම්

by gayan
December 2, 2023 12:30 am 0 comment

උපේන්ද්‍රා වීරතුංග, ශ්‍රී ලකාවේ අග්‍රගණ්‍ය පවිත්‍ර නිෂ්පාදන විසඳුම්කරු වන ශ්‍රී ලංකා ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථානයේ (National Cleaner Production Centre Sri Lanka) සම්පත් කාර්යක්ෂමතාව සහ පවිත්‍ර නිෂ්පාදනය පිළිබඳ විශේෂඥවරියකි.

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය 2002 දී කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය සමඟ ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථානය පිහිටුවීය. එහි අරමුණ වූයේ පවිත්‍ර නිෂ්පාදන සහ සම්පත් උපයෝගිතාවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මඟින් කර්මාන්තශාලාවල පාරිසරික කාර්යසාධනය වැඩිදියුණුකිරීමයි. 2017 දී එය සහතික නිකුත් කිරීම දක්වා විවිධාංගීකරණය කරන ලද අතර උපේන්ද්‍රාට එහි සේවයට බැඳීමට අවස්ථාව ලැබුණි. උපේන්ද්‍රා මීට වසර 10කට පෙර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් පසුව ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථානයේ NCPC තාක්ෂණ වේදිනියක ලෙස සේවයට එක්වූවාය. මෙම සහතික කිරීමේ අංශය හරිතාගාර වායු විමෝචන ඉන්වෙන්ටරි සත්‍යාපනය කිරීම (Greenhouse Gas (GHG) Inventory Verification) ආයු චක්‍ර තක්සේරුව සත්‍යාපනය, Verification of Life Cycle Assessment පරිසර හිමිකම් සහ පරිසර ලේබල්කිරීම (environmental claims and eco-labelling) යන යෝජනා ක්‍රම හඳුන්වා දුන්නාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division