Home » Marketers Quiz 2023 ශුරතාව මහජන බැංකුව දිනා ගනි

Marketers Quiz 2023 ශුරතාව මහජන බැංකුව දිනා ගනි

by gayan
December 2, 2023 12:30 am 0 comment

SLIM – Battle of Brain Champs-2023 – Marketers Quiz ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ නොකඩවා දෙවන වරටත් ශුරතාව දිනාගැනීමට මහජන බැංකුවේ කණ්ඩායම සමත් විය.

අලෙවිකරණය, උපාය මාර්ගික ක්‍රමෝපායන්, සන්නාමකරණය සහ සාමාන්‍ය දැනුම යන ක්ෂේත්‍රයන්ට අදාළව තරගකරුවන්ගේ දැනුම වැඩි දියුණු කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධාන කරනු ලබයි.

අලෙවිකරණ සංකල්ප, ගනුදෙනුකාර හැසිරීම්, සන්නාම මූලධර්ම, ජාත්‍යන්තර අලෙවිකරණය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර විශේෂතා සහ උපාය මාර්ගික ක්‍රමෝපායන් යන අංශ ආවරණය වන පරිදි වට පහකින් මෙම තරගාවලිය සමන්විත විය.

ජයග්‍රාහි මහජන බැංකුවේ කණ්ඩායම පුලස්ති ගුණසේකර – කණ්ඩායම් නායක, චරිත් මලලසේකර, පසන් ගුණරත්න, උපේක්ෂ විදානපතිරණ සහ අමන්දා පාක්‍යනාදන් සමන්විත විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division