Home » NCHS – Swinburne තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 2023 උපාධි ප්‍රදානෝත්සවය

NCHS – Swinburne තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 2023 උපාධි ප්‍රදානෝත්සවය

by gayan
December 2, 2023 12:30 am 0 comment

නවලෝක උසස් අධ්‍යයන ආයතනය (NCHS), Swinburne (ස්වින්බර්න්) තාක්ෂණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව 2023 වසරේ උපාධි ප්‍රදානෝත්සවය 2023 ඉකුත් දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පැවැත්විණි.

“දැනුම හඹා යෑම උපතේ සිට මරණය දක්වාම කරගෙන යා යුතු දෙයක් වන අතර එය අපගේ අනාගත පැවැත්මට බෙහෙවින්ම ඉවහල් වෙනවා. NCHS ඔබව දිනෙන් දින වෙනස් වන ගෝලීය ප්‍රවණතාවන් වෙනුවෙන් සූදානම් කරනවා වගේම ශක්තිමත්ව සහ නොනවත්වා ඉදිරියට යාමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දෙනවා” යනුවෙන් මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සහ කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ Swinburne තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බ්‍රොන්ටේ නෙයිලන්ඩ්, නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් සහ නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ උප සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී වික්ටර් රමනන් ඇතුළු සම්භාවනීය අමුත්තන්, උපාධිලාභීන්ගේ පවුල්වල අය සහ සුබ පතන්නන් මෙම උත්සව අවස්ථාවට එක් විය.

කොළඹ නගර මධ්‍යයේ මෙන්ම මහනුවර ප්‍රදේශයේ ද පිහිටා ඇති NCHS ශ්‍රී ලංකාව ආසියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. එමඟින් දරුවන්ට නිවසේ සිටම අධ්‍යාපනය ලබන්නාක් මෙන් වඩාත් පහසුවෙන් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පහසුකම් සලසන අතර මෙහි අතිනවීන ඉගෙනුම් පහසුකම් සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යයන අත්දැකීමක් තිළිණ කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division