Home » Abans Auto මඟින් Yadea ඉලෙක්ට්‍රික් ස්කූටර් 3ක්

Abans Auto මඟින් Yadea ඉලෙක්ට්‍රික් ස්කූටර් 3ක්

by gayan
December 2, 2023 12:30 am 0 comment

Abans Auto පුද්ගලික* සමාගම විසින් නවතම Yade ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලි 3ක් පසුගියදා හඳුන්වා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා Yadea සමාගම නියෝජනය කරමින් ආසියා-පැසිෆික් කලාපයේ සාමාන්‍යාධිකාරී Nicholas Wang,ආසියා-පැසිෆික් කලාපයේ අලෙවි අධ්‍යක්ෂ Alex Zhao, අග්නිදිග ආසියාතික කලාපයේ අලෙවි අධ්‍යක්‍ෂ Jack Dai ඇතුළු ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරන විශාල පිරිසක් සහභාගී විය.

්Abans ව්‍යාපාර සමූහය සහ Abans Auto සමාගම නියෝජනය කරමින් කළමනාකාර අධ්‍යක්‍ෂ රුසී පෙස්ටොන්ජිත් ව්‍යාපාර සංවර්ධන – අධ්‍යක්‍ෂිකා ටනාස් පෙස්ටොන්ජි, අධ්‍යක්‍ෂ චින්තක පෙරේරා, අධ්‍යක්‍ෂ ලසංග ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී දිනේෂ් ධර්මරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටිජිත් රත්නායක ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

වැඩි දියුණු කළ TTFAR විශේෂාංගයෙන් සමන්විත Yadea ඉලෙක්ට්‍රික් ස්කූටර් උසස් තත්ත්වයේ නවීන අංගෝපාංගයන් රැසක් සමඟින් හැඩකාර නිමාවෙන් යුක්තය. සුව පහසු ධාවනයක් ලබා දෙන මෙය දුම් පිට කිරීමෙන් තොරව ධාවනය වන පූර්ණ පරිසර හිතකාමී නිෂ්පාදනයකි.Yadea ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලි තුනටම මාස 18ක විශ්වසනීය වගකීමක් හිමිවන අතර චැසියට සහ බඳට වසර 3ක වගකීමක් ද මෝටරයට වසර 2ක වගකීමක් ද වේ. නවතම Yadea ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලි දිවයින පුරා Yadea-Abans ප්‍රදර්ශනාගවලින් ලඟදීම ලබාගත හැකි වනු ඇත. Yadea අලෙවි නියෝජිතයෙකු ලෙස එක් වීමට මෙන්ම වැඩි විස්තර ලබා ගැනීම සඳහා 070 379 0746 ඇමතිය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division