Home » දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ වැඩසටහනේ ජෝන් කීල්ස් මෙහෙවරට වසරක් සපුරයි

දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ වැඩසටහනේ ජෝන් කීල්ස් මෙහෙවරට වසරක් සපුරයි

by gayan
December 2, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ මුල් කාලයේදීම ජෝන් කීල්ස් සමූහය විසින් සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය යන ප්‍රධාන අංශ තුන යටතේ බහුවිධ අර්බුද ප්‍රතිචාර වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මෙහි සෞඛ්‍ය හා පෝෂණය අංශය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක් වී ‘පාසල් දිරිය’ නමින් පෝෂණ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කළේ ය. ලෝක ළමා දිනය සැමරීමක් වශයෙන් 2022 ඔක්තෝබර් 03 දින නිල වශයෙන් දියත් කරන ලද මෙය, පසුගිය වසරක කාලය තුළ දිවයින පුරා දරුවන් දහස් ගණනකට සෙත සැලසූ වැඩසටහනක් විය.

ආරම්භයේ සිට මේ දක්වා මෙම පෝෂණ වැඩසටහන නැ‍ෙඟනහිර, දකුණ සහ බස්නාහිර යන පළාත්වල දරුවන් 4,187 දෙනෙකු සඳහා ආහාර වේල් 469,812 ක් ලබා දී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division