Home » Sunshine Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස අරුණි ගුණතිලක පත් කරයි

Sunshine Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස අරුණි ගුණතිලක පත් කරයි

by gayan
December 2, 2023 12:30 am 0 comment

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අරුණි ගුණතිලක පත් කර ඇති බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ඇය පාලන අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර විගණනය සහ ණය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් පරිපූර්ණ අතර සිංගප්පූරුව සහ ශ්‍රීජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන්හි සහ සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සමඟ ණය සහ අභ්‍යන්තර විගණන පිළිබඳ වගකිවයුතු භූමිකාවන් දරමින් රටවල් කිහිපයකම සේවය කර ඇත.

2023 ජූනි 9 වන දින දක්වා, ගුණතිලක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඇයගේ නායකත්වය යටතේ, පසුගිය කාලයේ උදාවුණු ආර්ථික හා මූල්‍ය අර්බුද කළමනාකරණය කිරීමට එම බැංකුව සමත් විය. ඊට අමතරව ඇය ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස සුවිශේෂී සේවයක් ඉටුකර ඇත. ඇය මීට ඉහතදී ද (2020 අගෝස්තු සිට 2021 නොවැම්බර් දක්වා) සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුර දරමින්, සංවිධානයේ වර්ධනයට සහ සාර්ථකත්වයට කැපවූවාය.

ඇයගේ මූල්‍ය ප්‍රවීණත්වයට අමතරව, ඇයට ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් රැසක් ඇති අතර විවිධ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙහිලා නිපුණත්වයක් පෙන්නුම් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division