Home » අලුතෙන් එන හැමදේම මම කරන්නෙ නෑ

අලුතෙන් එන හැමදේම මම කරන්නෙ නෑ

by thanushika
November 25, 2023 12:30 am 0 comment

ඉරුෂි පෙරේරා කියන්නේ පුංචි තිරයට පැයූ තවත් නවක රංගන ශිල්පිනියක්. ඉරුෂි රංගනයට එන්නේ මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන කියා දෙන්න ආදරේ තරම්හි මයුමි ලෙසින්.

කොහොමද මයුමි වෙන්න අවස්ථාව ලැබුණේ?

මගේ අම්මා චම්පා කුමුදුනි. එයා පිටපත් රචිකාවියක්. ඒ නිසා මහේෂ් සත්සර මද්දුමආරච්චි මහතාව කාලයක ඉඳන් දන්නවා. කොහොම හරි වැඩකදී හමුවෙලා කතා කරපු වෙලාවක අම්මා මගේ ගැන කියලා තිබුණා. ඒ කිවුවත් එක පාරටම ගත්තේ නැහැ. ගොඩක් බලලා රඟපාන්න දෙබස් කියන්න පුළුවන් ද කියන එක බලලා කාලයක් ගිහින් ඔඩිෂන් එකක් කරලා තමයි මයුමිට තෝරා ගත්තේ.

ඉරුෂි රංගනයට එන්න ආසාවෙන්ම ද හිටියේ?

මට ලොකු ආසාවක් තිබ්බා රංගනයට එන්න. මම රංගනයට එන්න කලින් 2022 වසරේ Cj රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය තරගයෙන් 2nd R’up වුණා. ඒ එක්කම 2023 අවුරුද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වපු අවුරුදු උත්සවයේ පළමුවෙනි තැන ලැබුණා. පොඩි කාලේ වෙළඳ දැන්වීම්වල‍ට එහෙම පෙනී හිටියා. අධ්‍යාපන කටයුතු නිසා කාලයක් කලාවෙන් ඈත් වෙලා හිටියා.

ඉරුෂි පාසල් ගියේ කොහෙද?

මුලින්ම ගියේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. එක වසරේ සිට පහ වසර දක්වා. ඊට පස්සේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා හැදෑරුවා. පාසල් යන කාලේ ඉඳන්ම කලාවට ආසයි. පාසලේ දී නර්තනය පැත්තෙන් දක්ෂතා පෙන්නුම් කරලා තියෙනවා. පාසලේදී නාට්‍ය හා රංග කලාවද හැදෑරුවා.

දැන් පූර්ණකාලීනව කලාවට යොමු වෙලාද?

ඔව්. දැන් කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර නීතිය පැත්තෙන් වැඩිදුර ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා.

රංගනයේ දී සීමාවන් තියෙනවද?

මගේ ගරුත්වයට හානි වෙන චරිත මම භාර ගන්නේ නැහැ. මට කරන්න පුළුවන් මට හොඳයි කියලා හිතෙන චරිත තමයි භාර ගන්නේ.

ක්ෂේත්‍රයේ ඉන්නකොට කටකතා ගොසිප් හැදෙන්න පුළුවන්, ඉරුෂි ඒ දේවල් දකින්නේ කොහොමද?

මම නම් කටකතා වලට බය නැහැ. පල ඇති රුකටනේ ගල් ගහන්නේ. ඕනෙම ක්ෂේත්‍රයක ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න පුළුවන්. හැබැයි අපි දන්නවා නම් අපි කවුද කියලා සහ මගේ ගෙදර අය දන්නවා නම් මම කවුද කියලා ඒ මට ඇති.

ෆැෂන්වලට තියෙන්නේ මොන වගේ කැමැත්තක් ද?

මම ෆැෂන් කරන්න ආසයි. එහෙම කියලා අලුතින් එන හැමදේම කරන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන දේ කරනවා.

ඉරුෂි ආදරවන්තියක්ද?

මේ වෙද්දී නැහැ. මම හැමවිටම දෙවියන්ගේ, එහෙම නැත්නම් මේ විශ්වයේ සැලැස්ම හැමවිටම විශ්වාස කරනවා. අපිට හොඳම සහ ගැළපෙන දේ කාලය විසින්ම අපිට ලබා දෙනවා. ඒ නිසා මම හැමදේම කාලයට භාර දීලා තියෙනවා.

ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද?

දැනට ඒ ගැන ලොකුවට නම් හිතලා නැහැ. කොහොමත් මගේ වැඩි කැමැත්ත තියෙන්නේ ක්ෂේත්‍රයෙන් පරිබාහිර කෙනෙක්ට. මම කැමති ගොඩක්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ කෙනෙකුට. අපි බලමු ඉතින්. අපිට ලැබෙන කෙනානේ ලැබෙන්නේ.

අනාගත බලාපොරොත්තු මොනවද?

මම හිතන් ඉන්නේ මේ ක්ෂේත්‍රයෙන් ඉහළටම ගිහින් සම්මානලාභී නිළියක් වන්න. ඒ වගේම මගේ අම්මගෙයි තාත්තගෙයි හිනෙත් ඒක. ඒ නිසා ඒ හීනේ කොහොම හරි ඉෂ්ට කරන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division