Home » සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන සතියේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන සතියේ

by gayan
November 25, 2023 12:29 am 0 comment

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවැසීය. සිළුමිණ කළ විමසීමේදි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසූයේ මේ වන විට විභාග ඇගැයීම් කටයුතු අවසන් අදියරේ පසුවන බවය.

අ.පො.ස සාමාන්‍ය පෙළ 2022 (2023 ) විභාගය මැයි මස 29 වැනි සඳුදා දින සිට ජුනි මස 8 වැනි දින දක්වා පැවැත්වූයේ විභාග මධ්‍යස්ථාන 3,568 කදීය. මෙවර පාසල් අයැදුම්කරුවන් 394,450 දෙනකු හා පෞද්ගලික අයැදුම්කරුවන් 472,553 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස උසස් පෙළ විභාගයේ 2022 (2023) හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නොවැම්බර් 24 දින නිකුත් කර ඇති අතර, මෙවර නැවත

සමීක්ෂණ සඳහා අයැදුම්පත් 60,336 ක් ඉදිරිපත්ව තිබිණි.

 

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division