Home » අගමැති කාර්යාලයේ වියදම් 46%කින් අඩු වෙයි

අගමැති කාර්යාලයේ වියදම් 46%කින් අඩු වෙයි

by gayan
November 25, 2023 12:42 am 0 comment

ඉකුත් වසරට සාපේක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට කටයුතු කළ බව අගමැති දිනේෂ්

ගුණවර්ධන පවසයි.

පෙර වර්ෂයට සාපේක්ෂව 2022දී 21%කින් එසේ වියදම් සීමා කළ බව පෙන්වා දුන් අගමැතිවරයා 2021 වසරේදී රුපියල් මිලියන 1661ක් වූ වියදම 2022දී රුපියල් මිලියන 1310ක් වූ අතර 2023 ඔක්තෝබර් වන විට එම අගය රුපියල් මිලියන 705ක් දක්වා අඩු කර ඇති බව පවසා තිබේ.

විශේෂත්වය වන්නේ 2021දී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අය-වැයෙන් වෙන් කළ රුපියල් මිලියන 1661 ම වියදම් කර තිබුණ ද 2022දී වෙන් කළ රුපියල් මිලියන 1432 න් රුපියල් මිලියන 1310ක් පමණක් වියදම් කිරීමත්, 2023දී වෙන් කළ රුපියල් මිලියන 1012න් රුපියල් මිලියන 705.7ක් පමණක් වියදම් කිරීමය.

2021-2022 කාලයේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩලය 500කට අධික වුවත් මේ වන විට එම ගණන 285 දක්වා අඩු කර ඇති අතර ඒ අනුව වැටුප් වියදම 39%කින් අඩු කර, ලිපිද්‍රව්‍ය වියදම 74%කින් අඩු කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් පවසයි. එමෙන්ම අමාත්‍ය මණ්ඩලය මඟින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පවරා ඇති කාර්යය භාරයන් ද සාර්ථකව ඉටු කරන බව හෙතෙම අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division