Home » මහ බැංකුව පොලිය තව බස්සයි

මහ බැංකුව පොලිය තව බස්සයි

by gayan
November 25, 2023 12:43 am 0 comment

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 1කින් පහත හෙළීමට ඉකුත් බ්‍රහස්පතින්දා දින රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 10% සිට 9% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 11% සිට 10% දක්වාත් අඩු වනු ඇත.

මේ වසරේ මැයි මස අවසානයේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 15.50% සිට ජුනි මස අවසානයේ 13%ට ද ජූලි මස අවසානයේ 11% දක්වා අඩු කෙරුණු අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉකුත් මැයි මස අවසානයේ 16.50%ක් ද ජුනි මස අවසානයේ 14%ක් ජූලි මස අවසානයේ 12%ක් සහ ඔක්තෝබර් මස අවසානයේ 11%ක් ලෙස මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මඟින් අවම කර තිබිණි.

මෑතකාලීනව උද්ධමන ඉලක්කය 5%ක මට්ටමට ළඟා කර ගැනීමේ හා පවත්වාගෙන යාමේ අරමුණින් දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙකී තීරණයට එළැඹ තිබේ.

ඉකුත් ජුනි මස සිට ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකය වේගයෙන් අඩු වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අපේක්ෂා කරයි.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division