Home » AIA නවතම හඳුන්වාදීම ‘AIA Exclusive’

AIA නවතම හඳුන්වාදීම ‘AIA Exclusive’

by gayan
November 25, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස වසර ගණනක් පුරා සම්මානිත AIA ඉන්ෂුවරන්ස්, සිය සේවාලාභීන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති ‘AIA Exclusive’ හඳුන්වා දෙයි.

‘AIA Exclusive’ ඔස්සේ සේවාලාභීන්හට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද සුවිශේෂී වූ සේවා රැසක් භුක්ති විඳිය හැකි වෙනු ඇත. මෙම සේවාවන් අතර ඔවුන්ගේ රැකවරණ අවශ්‍යතා පිළිබඳ පුද්ගලික අවධානයක් යොමු කිරීම තහවුරු කිරීමට AIA හි විශේෂඥ කණ්ඩායම වෙත පිවිසීමේ ප්‍රමුඛතාව ඔවුනට ලැබෙනු ඇති අතර ඔවුනට පාරිභෝගික සබඳතා කළමනාකරුවෙකුගේ විශේෂිත සේවාව ලබා ගැනීමේ පහසුව සලසා ඇත. සිය නිවෙසේ සුවපහසුව සිටිමින් ටෙලි මෙඩිසින් සේවාව ලබා ගැනීමේ ප්‍රමුඛතාවය ඇති අතර වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයක්ද ලැබෙනු ඇත. තවද රෝහල් ගතවීමක දී වාහන රථගාල වෙත ගෙනයාමට රියදුරන්ගේ සහාය ලැබෙනු ඇති අතර ඔවුන්ගේ සුවපහසුව වෙනුවෙන් තෝරාගත් රෝහල්වලදී විශේෂිත විවේකාගාර සඳහා ප්‍රවේශයද ලබා දී ඇත. සිංගප්පූරුවේ Park Hospital හි නේවාසිකව ප්‍රතිකාර ගැනීමක් සිදු වුවහොත්, එම රෝගීන් වෙනුවෙන් රෝහල් සේවා සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි. එමෙන්ම ‘AIA Exclusive’ රක්ෂණලාභීන්ගේ උපන්දින සැමරීම වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහ පැකේජයක්ද ලබා දෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division